සතිය තුළ තෙවැනි වරටත් කොටස් ගනුදෙනු අක්‍රීය වෙයි

    March, 13, 2020

    කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද පෙරවරු 10.02 ට මිනිත්තු 30 ක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවනු ලැබීය. S&P SL20 දර්ශකය 5% ක් ඉක්මවා ප්‍රමාණයකින් යළිත් වතාවක් පහත වැටීම මීට හේතුවයි.

    මීට පෙර ඊයේ (12) සහ අඟහරුවාදා (10) දිනවල ද S&P SL20 දර්ශකයේ කඩා වැටීම හේතුවෙන් දෛනික ගනුදෙනු තාවකාලිව අත්හිටුවනු ලැබීය.

    පෙරවරු 10.32 ට දෛනික ගනුදෙනු යළී ආරම්භ වූ අතර එම අවස්ථාවේ දී S&P SL20 දර්ශකයේ කඩා වැටීම 5.69% ක් ලෙසින් වාර්තා විය.

    අද පෙරවරු 10.37 වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 171.21 කින් පහළ ගොස් ඒකක 4,848.34 ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 130.45 කින් පහළ ගොස් ඒකක 2,163.24 ක් ලෙසත් සටහන්ව තිබිණි.