• Ada Derana BIZ Sinhala
  • All banks
  • closed
  • Monday
  • sri lanka

සඳුදා රට පුරා සියලු බැංකු වැසෙයි

October, 8, 2022

එළඹෙන ඔක්තෝබර් 10 වැනි සඳුදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වසර සඳහා බැංකු නිවාඩු දිනයන් දැක්වෙන සටහනේ ඒ බව සඳහන් වේ.

නබි නායකතුමාගේ උපන් දිනය ඔක්තෝබර් 09 වැනි ඉරිදා දිනයට යෙදී තිබීම ඊට හේතුවයි. එය රජයේ, බැංකු සහ වෙළෙඳ නිවාඩු දිනයකි.

ඒ හේතුවෙන් ඔක්තෝබර් 10 සඳුදා දිනය විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කර ඇත.

Video Story

Latest News

Stock Market

Exchange Rates