සපුගස්කන්ද විදුලි බලාගාරයට ලිහිසි තෙල් ෂෙව්රොන් වෙතින්

    November, 15, 2017

    ලංකා විදුලිබල මණ්ඩලයේ, සපුගස්කන්ද විදුලි බලාගාරය මෙගාවොට් 18ක ධාරිතාවකින් යුත් ජනක යන්ත්‍ර 04කින් හා මෙගාවොට් 10 ධාරිතාවකින් යුත් ජනක යන්ත්‍ර 08කින් සමන්විත වේ.

    එම විදුලි ජනක යන්ත්‍ර සඳහා 2017/2018 වර්ෂයට අවශ්‍ය, එහෙත් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් සපයනු නොලබන වර්ගවල ලිහිසි තෙල් (Lubricating Oil) ලීටර මිලියන 1.1 ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ලිහිසි තෙල් ලීටරයක් රුපියල් 234.43ක් බැගින් වන සේ M/s. Chevron Lanka PLC ආයතනය වෙත පිරිනැමීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.