සභාපති පුටුවලින් නිමල් නැගිටියි

    March, 9, 2017

    හොරණ වැවිලි සමාගම, ලංකා සෙරමික්, ලංකා වෝල්ටයිල්ස්, ස්විස්ටෙක් (සිලෝන්) හා ලංකා ටයිල්ස් යන ලැයිස්තුගත සමාගම්වල සභාපතිවරයා හා විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු වූ නිමල් පෙරේරා අදාළ තනතුරුවලින් ඉල්ලා අස් වී තිබේ.

    එසේම වැලිබල් වන් පීඑල්සී හි තමන් දැරූ නියෝජ්‍ය සභාපතිධූරයෙන් ද නිමල් පෙරේරා ඉල්ලා අස් වී ඇත.

    මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් එම සමාගම්වල ලේකම්වරුන් විසින් සඳහන් කර සිටින්නේ මෙම ඉවත්වීම් ඊයේ (08) දින සිට බලපැවැත්වෙන බවයි.