• Ada Derana BIZ Sinhala
  • European Union
  • Mediation Boards Commission
  • national awareness campaign
  • sri lanka

සමථ මණ්ඩල කොමිෂන් සභාවේ ජාතික දැනුවත් කිරීමේ ව්‍යපාරය, යුරෝපා සංගමයේ අරමුදල් සහයෙන් දියත් කෙරේ

October, 10, 2022

ශ්‍රී ලංකාවේ සමථ මණ්ඩල කොමිෂන් සභාව විසින් අධිකරණ අමාත්‍යංශය සමඟ එක්ව ශ‍්‍රී ලංකාවේ සමථකරණ වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම සඳහා ″ගිනි සිසිල රැ නීරුම් නෙරුප්පුම්‶ ජාතික මාධ්‍ය ප‍්‍රචාරණ ව්‍යාපාරය සැප්තැම්බර් 27 වෙනි දින කොළඹ දී දියත් කරන ලදි.

බ්‍රිතාන්‍ය කවුන්සිලයේ එළිමහන් තණතිල්ලේදී පැවති මෙම එළිදැක්වීමේ උත්සවය සම්භාවනීය අමුත්තන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදුවිය. අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්ත පෙරේරා, සමථ මණ්ඩල කොමිසමෙහි ලේකම් ප‍්‍රියනාත් පෙරේරා , සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති විනිසුරු යාපා, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්, ශ‍්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගමයේ තානාපති එච්.ඊ. ඩෙනිස් චයිබි, ශ‍්‍රී ලංකාව සහ මාලදිවයිනේ යුරෝපා සංගමයේ නියෝජිත පිරිස, බ්‍රිතාන්‍ය කවුන්සිලයේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ඒඩ‍්‍රියන් චැඞ්වික්, බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ශ‍්‍රී ලංකා අධ්‍යක්ෂ මරියා රෙහ්මාන් සහ ආසියානු පදනමේ මෙරට නියෝජිත දිනේෂා ද සිල්වා යන මහත්ම මහත්මීන් මේ සඳහා සහභාගී වූහ.

"ගිනි සිසිල (නීරුම් නෙරුප්පුම්)” යනු සාම්ප‍්‍රදායික ගිනි නැටුමකට යොමු වන දෘෂ්ටිවාදයකි. එහිදී සිදුකරන්නේ නර්තන ශිල්පියෙකු විසින් තම මුඛයෙන් ගින්නක් නිවා දැමීමයි. ප‍්‍රජා මැදිහත්වීම හරහා ආරවුල් විසඳීම සඳහා සංවාදය භාවිතා කිරීමේ වැදගත්කම මෙම රූපණය තුළින් පෙන්වාදෙනු ලබයි. මෙම සමාරම්භක උත්සවය පුවත්පත්, රූපවාහිනිය, ගුවන්විදුලිය සහ ඩිජිටල් මාධ්‍යයන් හරහා සැබෑ ජීවිතය තුළ මැදිහත්කරණය මඟින් සමථයකට පත් කරන ලද සාර්ථක කතා 24ක් එළිදැක්වීම සංකේතාත්මකව සනිටුහන් කළේය. සවස් යාමයේ දී ඒ අතුරින් තෝරාගත් කතාන්දරයන් කිහිපයක්, සජීවී විනෝදාස්වාද වැඩසටහන් සහ මෙම ව්‍යාපෘතියේ පූර්ව ප‍්‍රචාරක පටයක් ප‍්‍රදර්ශනය කිරීම ද සිදුවිය. සම්භාවනීය අමුත්තන් කිහිපදෙනෙකු සභාව ආමන්ත‍්‍රණය කිරීමද කැපී පෙනුණි. රැස්ව සිටි පිරිස අමතමින් අධිකරණ අමාත්‍ය ගරු. ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ ”විකල්ප ආරවුල් නිරාකරණ යාන්ත‍්‍රණයක් ලෙස සමථකරණය ප‍්‍රවර්ධනය කිරීම මේ මොහොතේ අධිකරණ අමාත්‍යාංශයේ ප‍්‍රධාන ප‍්‍රමුඛතාවයකි. ශ‍්‍රී ලංකාවේ සමථ ක‍්‍රියාවලිය වැඩිදියුණු කිරීම සඳහා යුරෝපා සංගමයේ දායකත්වය මම බෙහෙවින් අගය කරමි.” යනුවෙනි.

මෙම ව්‍යාපාරයේ ප‍්‍රධාන අරමුණ වන්නේ ශ‍්‍රී ලංකාව තුළ උනන්දුව මත පදනම් වූ සමථකරණ ක‍්‍රියාවලිය සහ ප‍්‍රවේශය පැහැදිලි කරමින් සියලූම ප‍්‍රජා අතර සමථකරණය භාවිතය ප‍්‍රවර්ධනය කිරීමයි. සමථකරණ සේවාවන්හි ස්වභාවය, එහි ප‍්‍රයෝජන පිළිබඳව වැඩි පිරිසක් දැනුවත් කරමින්, එමඟින් විකල්ප ආරවුල් විසඳීමේ සේවාවන් සඳහා වඩා හොඳ ප‍්‍රවේශයක් ලබාදීම මෙහි මූලික අරමුණයි. එසේම නඩු පැවරීම හා සසඳන විට වියදම දැරිය හැකි, තිරසාර සහ කාලය ඉතිරි කිරීමේ ක‍්‍රියාවලියක් බවට මහජනතාව දැනුවත් කිරීමට ද එය උපකාරී වනු ඇත.

මෙහිදී අදහස් දැක්වූ ශ‍්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගම් තානාපති එච්.ඊ. ඩෙනිස් චයිබි මහතා ප‍්‍රකාශ කළේ, සමථ මණ්ඩලය මඟින් ශ‍්‍රී ලංකාව පුරා සපයන සමථකරණ සේවාවන් පිළිබඳව දැනුවත් කිරීම අරමුණු කරගත් මෙම ව්‍යාපාරය දියත් කිරීම යුරෝපා සංගමය අගය කරන බවයි. සමථකරණය යනු පුද්ගල ආරවුල් විසඳීමේ හා ඒවා උත්සන්න වීම වලක්වා සම්බන්ධ වූ පුද්ගලයන්ට සහනයක් ලබාදෙන මෙන්ම අධිකරණ පද්ධතිය ඉහවහා යාම වලක්වන ඉතා කාර්යක්ෂම හා ඵලදායී මාධ්‍යයක් බව ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

මෙම ව්‍යාපාරය මෙහෙයවනු ලබන්නේ යුරෝපා සංගමයේ මූල්‍ය අනුග‍්‍රාහකත්වයෙන්, ආසියානු පදනම සමඟ එක්ව බි‍්‍රතාන්‍ය කවුන්සිලය මඟින් කි‍්‍රයාත්මක කෙරෙන වසර හතරක යුක්ති ප‍්‍රවේශ ව්‍යාපෘතියක් වන ඵලදායීව ආරවුල් නිරාකරණයට සහයවීමේ (SEDR) ව්‍යාපෘතිය මගිනි. යුරෝ මිලියන 7ක ව්‍යාපෘතියක් වන මෙය, ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක වන යුරෝපා සංගමයෙහි (EU) STRIDE ව්‍යාපෘතියෙහි (Strengthening Transformation, Reconciliation, and Inclusive Democratic Engagement) අංගයක් ලෙස සඳහන් කළ හැකිය.

Video Story

Latest News

Stock Market

Exchange Rates