October, 2, 2018
සම්පත් බැංකුව විසින් සිය බාසල් III ප්‍රාග්ධන අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම වෙනුවෙන් නිකුත් කිරීමට සූදානම් වූ එක්සත් ජනපද ඩොලර් මුදල් ඒකකයෙන් නම් කරන ලද ණයකර නිකුතුව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් බැංකුව විසින් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ, මෙම නිකුතුවේ කළමනාකරුවන්ට අනුව ගෝලීය බැඳුම්කර වෙළෙඳපොළේ පවතින් වත්මන් උච්ඡාවචනයන් හේතුවෙන් මෙම ණයකර නිකුතුවේ මිල කිරීම සාපේක්ෂව ඉහළ අගයයක් ගැනීමට ඉඩ ඇති බැවින් හා පවතින ගෝලීය වාතාවරණය තුළ පොළී අනුපාතික ආකර්ෂණීය නොවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.
එක්සත් ජනපද ඩොලර් මිලියන 100 ක වටිනාකමකින් යුතු ණයකර නිකුතුවක් සිදුකිරීමට බැංකුව විසින් 2018 ජූලි 05 දින තීරණය කළ අතර මෙම ණයකර සිංගප්පූරු කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමට සැලසුම් කර තිබුණු අතර පෙර කී ගෝලීය වාතාවරණය සමනය වනතෙක් බැංකුව විසින් මෙම තීරණය ගෙන තිබේ.
Video Story