සම්පත් පද්ධතියේ නවීකරණයක් – සේවා සීමාසහිත වෙයි

    September, 1, 2017

    සම්පත් බැංකුවේ මූල්‍ය පද්ධතියේ සිදුකිරීමට නියමිත වැඩිදියුණු කිරීමක් හේතුවෙන් අද (01) පස්වරු 3.00 සිට ඉරිදා (03) පස්වරු 2.00 දක්වා කාලය තුළ සම්පත් බැංකුවේ සුපිරි ශාඛා ඇතුළුව සියලූම ශාඛා වසා ඇති බව බැංකුව විසින් සිය ගනුදෙනුකාරභවතුන් වෙත දැනුම් දී සිටී.

    මෙම කාලසීමාව තුළ ATM ජාලය හා Sampath Vishwa හි සාමාන්‍ය සේවාවන් සුපරුදු පරිදි සිදුකෙරනු ඇති බව බැංකුව කියා සිටී.

    කෙසේ වෙතත් Sampath Vishwa Corporate, SMS Alertz, Missed Call Banking, Online Bill Payments හා Mobile Reloads වැනි පහසුකම් සඳහා මෙම කාලපරිච්ඡේදය තුළ දී බාධා ඇතිවිය හැකි බව බැංකුව වැඩිදුරටත් නිවේදනය කර ඇත.

    සම්පත් බැංකුවේ සුපිරි ශාඛා ඉරිදා (03) පස්වරු 3.00 සිට සහ සෙසු ශාඛා සඳුදා (04) පෙරවරු 8.30 සිට සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන බව බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටී.