සම්පත් බැංකුව සිය පාර්ශ්වකරුවන් රැකබලා ගනිමින් තම මූල්‍ය කාර්යසාධනය නැවත බලගන්වා ඇත

    November, 30, 2020

    COVID-19 වසංගතය හමුවේ" ඇතැම් කර්මාන්ත මුළුමනින්ම අකර්මන්‍ය වී ඇති අතර එමගින්  ලෝක  ආර්ථිකයෙහි සැලකිය යුතු මන්දගාමී වර්ධනයක් පෙන්නුම් කර ඇත. එබැවින් මේ වසරේ මුල් මාස නවය මෑත කාලයේ අත්දුටු වඩාත්ම අභියෝගාත්මක කාලපරිච්ඡේදය වේ.

    2020 මුල් මාස නවය තුළ බැංකුවේ මූල්‍ය ප්‍රථිඵල ද" මෙම අභියෝගාත්මක තත්ත්වය හමුවේ යම් පීඩනයකට  ලක් විය. අවම පොලී අනුපාත" ගාස්තු මත පදනම් වූ ආදායම් සීමාකිරීම" දෙමසක් පුරා දිවයින තුළ සංචරණය සීමා කිරීම හේතුවෙන් දේශීය හා ගෝලීය වශයෙන් ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී  වීම" බැංකුවේ කාර්යසාධනයට ඍණාත්මක බලපෑම් එල්ල කළ ප්‍රධාන හේතූන් වේ. තවද" ණය සහ අත්තිකාරම් සඳහාත්" විදේශ මුදලින් නිකුත් කරන ලද රජයේ බැඳුම්කර සඳහාත් සැලකිය යුතු ලෙස අපහායන සිදු කරන ලද අතර" එය ද ලාභය ප්‍රමාණාත්මක ලෙස පහත වැටීමට හේතු විය. කෙසේ වුවත්, සලකා බලන කාලපරිච්ඡේදය තුළ බැංකුව අඩු ලාභයක් වාර්තාකල ද" මෙවැනි ආර්ථික තත්ත්වයන් හමුවේ යහපත් ප්‍රථිඵලයක් ලෙස සැලකිය හැකි ය.

    බැංකුවේ මූල්‍ය කාර්ය සාධනය කෙරෙහි ඍණාත්මක බලපෑමක් ඇති වුව ද" සම්පත් බැංකුව තම සියලුම පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතා සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන ලදි.  මෙම දුෂ්කර කාලය මග හරවා ගැනීම සඳහා"බැංකුව සිය ගණුදෙනුකරුවන්ට තිරසාර විසඳුම් ලබා දෙමින් තම සහයෝගය ලබා දීමට ඇපකැප වී කටයුතු කරන ලදී. තව ද" ගණුදෙනුකරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා COVID-19  සහන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට බැංකුව කඩිනමින් පියවර ගත්තේ ය. ඒ අනුව බැංකුවේ ගණුදෙනුකරුවන්ගෙන් 50] ක් පමණ මෙම ණය සහනය භුක්ති විඳින ලදී. තව ද සම්පත් බැංකුව රජය විසින් මෙහෙයවනු ලබන ප්‍රතිමූල්‍යකරණ යෝජනා ක්‍රමයට ක්‍රියාකාරීව සහභාගී වූ අතර දළ වශයෙන් රුපියල් බිලියන 08 ක් වටිනා කාරක ප්‍රාග්ධන ණය ලබා දුන්නේ ය. රජයේ සහන පියවරයන්ගෙන් ඔබ්බට ගොස් බැංකුව විසින් ගණුදෙනුකරුවන්ගේ අවශ්‍යතා තක්සේරු කොට ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි හා වඩාත් දැරිය හැකි විසඳුම් ලබා දුන්නේ ය.

    මෙම වසරේ තුන්වන කාර්තුවේදී COVID-19 වසංගතය පැතිරීම මැනවින් පාලනය කළ ද COVID-19 දෙවන රැල්ල හේතුවෙන් නැවතත් සංචරණ සීමා පැනවූ අතර මෙමගින් ප්‍රකෘති තත්ත්වයට පැමිණෙමින් තිබු ශ්‍රී ලංකා ආර්ථිකය නැවත වරක් පසු බසිනු ඇති බවට කිසිඳු සැකයක් නොමැත. රටපුරා සංචරණය සීමා කර ඇති අවස්ථාවන් වලදී බැංකුවේ ක්‍රියාකාරිත්වය මැනවින් පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය සියලු විධි විධාන සම්පත් බැංකුව විසින් සිදුකර ඇත. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව සියලු ශාඛා බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමටද කටයුතු යොදා ඇත. ඒ අතරම දුරස්ථ ගණුදෙනුකරුවන්ට මනා සේවාවක් ලබාදීම උදෙසා බැංකුව සිය විද්‍යුත් ^ඩිජිටල්& තාක්ෂණය වැඩි දියුණු කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කරයි. තව ද සිය කාර්ය මණ්ඩලයට නිවසේ සිට වැඩ කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගෙන ඇත. බැංකුව විසින් මෙම සමස්ථ ක්‍රියාවලිය මෙහෙයවීමේදී සම්පත් සමූහයේ ආරක්ෂාව සහ යහපැවැත්ම උදෙසා මනා ප්‍රමුඛතාවයක් ලබා දී ඇත.

    2020 ඔක්තෝම්බර් මස සිට බලපැවැත්වෙන පරිදී ගණුදෙනුකරුවන්ට ලබා දී ඇති ණය සහන කාල සීමාව  තවත් මාස 06 ක කාලයක් සඳහා රජය විසින් දීර්ඝ කර ඇත. චක්‍රලේඛනයට අනුව මෙම සහනය ලබාගැනීම සඳහා සුදුසුකම් ලත් ගණුදෙනුකරුවන් 2020 නොවැම්බර් 30 දිනට පෙර ඉල්ලුම් කළ යුතු ය. මෙම වසංගතය හේතූවෙන් ආර්ථිකයට වූ දිගුකාලීන බලපෑම් පුරෝකථනය කළ නොහැකි වුව ද බැංකුවේ සහ සමූහයේ වත්කම් හා වගකීම් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය අවදානම් කළමණාකරණ පියවරයන් ක්‍රියාත්මක කිරීම සඳහා සම්පත් බැංකුව අඛණ්ඩව කටයුතු කරනු ඇත.

    මූල්‍ය කාර්යසාධනය

    දැඩි ආර්ථික පසුබෑම් මධ්‍යයේ වුව ද 2020 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස නවය තුළ බැංකුව බදු පෙර ලාභය ලෙස රුපියල් බිලියන 6ග99 සහ බදු පසු ලාභය ලෙස රුපියල් බිලියන 5ග09 ක් වාර්තාකර ඇත. මෙය 2019 වර්ෂයේ අනුරූපී කාලපරිච්ඡේදයට සාපේක්ෂව බදු පෙර ලාභයෙහි 33'1] ක සහ බදු පසු ලාභයෙහි 22] ක පහත වැටීමකි. 2020 ජූලි 01 සිට 2020 සැප්තැම්බර් 30 දින දක්වා වූ තුන්වන කාර්තුව තුළ දී බැංකුව බදු පෙර ලාභය ලෙස රුපියල් බිලියන 1'66 ක් සහ බදු පසු ලාභය රුපියල් බිලියන 1'12 ක් වාර්ථා කරන ලද අතර, එය 2019 තුන්වන කාර්තුවට සාපේක්ෂව පිළිවෙළින් 64'2] ක සහ 53'8]ක පහත වැටීමකි.

    වර්ෂයේ පළමු මාස නවය සඳහා සම්පත් සමූහයේ බදු පෙර ලාභය සහ බදු පසු ලාභය පිළිවෙළින් රුපියල් බිලියන 7'31 ක් සහ රුපියල් බිලියන 5'21 ක් විය. මෙය අනුරූප කාලපරිච්ඡේදයේ කාර්ය සාධනයට සාපේක්ෂව පිළිවෙළින් 32'6]ක සහ 23] ක පහත වැටීමකි.

    අරමුදල් මත පදනම් වූ ආදායම (FBI)

    COVID-19 වසංගතය පැතිරීම සහ ඒ ආශ්‍රීත සීමාකිරීම් හේතුවෙන් ගෝලීය හා දේශීය ආර්ථිකයන්හි සැලකිය යුතු පසුබෑමක් ඇති විය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආර්ථිකය නැවත නගා සිටු වීම උත්තේජනය කිරීම උදෙසා ප්‍රතිපත්ති අනුපාත කිහිපයක් පහතහෙලීම ඇතුළු උපායමාර්ග දියත් කරන ලදී. තවද ණය ගෙවීම සඳහා සහන කාලයක් ලබා දීමට සමගාමීව ඇතැම් ණය අත්තිකාරම් මත වෙළඳපළ පොළී අනුපාතයට වඩා අඩු අනුපාතයක් යටතේ පොළී අය කරන ලදී. මෙම ක්‍රියාමාර්ග 2020 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස නවය සඳහා වූ ශුද්ධ පොලී ආදායම මත සැලකිය යුතු ලෙස බලපා ඇත. 2019 වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව වසරේ මුල් මාස නවය සඳහා සම්පත් බැංකුවේ ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 25'99 ක් වූ අතර එය 15'5]ක පහත වැටීමකි.

    සමස්ථයක් වශයෙන් සමාලෝචනයට භාජනය වූ 2020 වර්ෂයේ මුල් මාස නවය සඳහා පොලී ආදායම රුපියල් බිලියන 9'67 කින් පහත වැටී රුපියල් බිලියන 68'02 ක් ලෙස වාර්තා වූ අතර එය 2019 වර්ෂයේ අනුරූපී කාල පරිච්ඡේදය තුළ වාර්තා වූ රුපියල් බිලියන 77'7 ට සාපේක්ෂව 12'4] ක අඩුවීමකි.

    2020 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් මාස නවය සඳහා පොලී වියදම 2019 දී වාර්තා කළ රුපියල් බිලියන 46'91 ට සාපේක්ෂව රුපියල් බිලියන 42'02 ක් දක්වා අඩු වී ඇත. එය 10'40] ක අඩුවිීමකි.

    එහි ප්‍රථිඵලයක් වශයෙන් සලකා බලන කාලපරිච්ඡේදය සඳහා වූ ශූද්ධ පොලී ආන්තිකය 2019 දී වාර්තා වූ 4'46] ට සාපේක්ෂව 3'46]ක් දක්වා අඩු විය.

    අරමුදල් මත පදනම් නොවන ආදායම (NFBI)

    ණය" වෙළඳ" කාඞ්පත් හා විද්‍යුත් මාර්ග ආශ්‍රිත ගාස්තු යනාදියෙන් විශාල වශයෙන් සමන්විත වන ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම සමාලෝචනයට භාජනය වූ කාලපරිච්ඡේදය සඳහා රුපියල් බිලියන 5'99 ක් වූ අතර එය 2019 වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදයට වාර්තා වූ අගයට වඩා 18]  ක පහත වැටීමකි. ආර්ථික පසුබෑම හේතූවෙන් ණය සඳහා වූ ඉල්ලුම අඩු වීම ණය ආශ්‍රිත ගාස්තු ආදායමට සැලකිය යුතු ලෙස බලපා ඇත. තව ද වසංගත තත්ත්වය හේතූවෙන් ණය කාඞ්පත් භාවිතය අඩුවීම ණය කාඞ්පත් ආශ්‍රිත කොමිස් ආදායම කෙරෙහි ඍණාත්මක ලෙස බලපා ඇත. මේ අතර සංචරණය සීමා කිරීමේ කාලය තුළ හා ඉන් පසුව බැංකුවේ විද්‍යුත්  (ඩිජිටල්)  නිෂ්පාදන පුළුල් ලෙස භාවිතා වී ඇත. මේ හේතුකොටගෙන 2020 මුල් මාස 9 සඳහා විද්‍යුත් මාර්ග ආශ්‍රිත ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම 2019 වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදයේ වාර්තා කළ අගයට වඩා ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර ඇත. වෙළඳාම හා සම්බන්ධ කොමිස් ආදායම ද ප්‍රතිග්‍රහණ  සහ සලේඛන ණය පරිමාව ඉහළ යාම හේතූවෙන් ආන්තික වර්ධනයක් වාර්තා කර ඇත.

    ශුද්ධ අනෙකුත් මෙහෙයුම් ආදායම 2019 අනුරූපී කාලපරිච්ඡේදයේ වාර්තා වූ රුපියල් බිලියන 1'04 ට සාපේක්ෂව 2020 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් මාස නවය තුළ දී 197'5]ක වාර්ෂික වර්ධනයක් සහිතව රුපියල් බිලියන 3'10 ක් ලෙස වාර්තා කර ඇත. ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 2]කින් අවප්‍රමාණය වූ අතර එය විනිමය ආදායම සැලකිය යුතු ලෙස ඉහළ යාමට හේතූ වී ඇත. මෙම විනිමය අවප්‍රමාණය හේතූවෙන්, ඉදිරි විනිමය ගිවිසුම් තුළින් බැංකුවට රුපියල් මිලියන 523 ක ශුද්ධ වෙළඳ අලාභයක් දැරීමට සිදු විය. 2019 අනුරූපී කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ රුපියල් බිලියන 2'24 ට සාපේක්ෂව,  සමාලෝචනයට භාජනය වූ කාලපරිච්ඡේදය සඳහා විදේශ විනිමය ගණුදෙනු මත වූ බැංකුවේ ශුද්ධ විනිමය ආදායම රුපියල් බිලියන 2'15 ක් විය.

    මෙහෙයුම් වියදම්

    මෙම අසීරු කාල සීමාව තුළ සම්පත් කණ්ඩායම දැක් වූ කැපවීම සහ බැඳීම හේතූවෙන් බැංකුව ඔවුන්හට නිසි දිරිගැන්වීම් ලබා දෙන  ලදී. ඒ හේතුකොටගෙන සේවක වියදම් 2ග6්‍ර ක ආන්තික වර්ධනයක් වාර්තාකර ඇත. දැනටමත් ක්‍රියාත්මක කර ඇති පිරිවැය පාලන ක්‍රමෝපායන්ට අමතරව කළමණාකාරීත්වය විසින් මෙම කාර්තුවේ දී නව වැඩි දියුණු කළ පිරිවැය පාලන සැලසුම් කිහිපයක් ද හඳුන්වා දෙන ලදී. මෙම පිරිවැය පාලනය කිරීමේ උපාය මාර්ග" ආදායම් පහළයාම හේතූවෙන් ශුද්ධ ආදායමට ඇති බලපෑම අවම කිරීමට උපකාරී වී ඇත. එහි ප්‍රථිඵලයක් වශයෙන්  සංසංදනාත්මක කාලපරිච්ඡේදයට සාපේක්ෂව සමස්ත මෙහෙයුම් වියදම් 3] කින් අඩු විය. මේ අතර 2019 අනුරූපී කාලපරිච්ඡේදයේ වාර්තා වූ 37'5] සිට බැංකුවේ පිරිවැය - ආදායම් අනුපාතය (මූල්‍ය සේවාවක් මත වූ එකතු කළ අගය මත බදු ඇතුළත් නොවූ) සමාලෝචනයට භාජනය වූ කාලපරිච්ඡේදය තුළ 42'3] ක් දක්වා වර්ධනය විය. මෙම වර්ධනයට ප්‍රධාන හේතූව වූයේ ප්‍රධාන ආදායම් ප්‍රවාහයන් පහත වැටීම වේ.

    ආයෝජන මත අපහායන අයකිරීම්

    2020 සැප්තැම්බර් 30 වන විට විදේශ මුදලින් නිකුත් කරන ලද රජයේ සුරැකුම් වල සමස්ත ආයෝජනය රුපියල් බිලියන 87 ක් විය. (2019'12'31 - රුපියල් බිලියන 67& 2020 මුල් මාස නවය තුළ බැංකුව විසින් මෙම විදේශ මුදල් බැඳුම්කර සඳහා රුපියල් මිලියන 950 ක අපහායන ප්‍රතිපාදනයක් සිදු කර ඇති අතර එය 2019 අනුරූපී කාලපරිච්ජේදය සඳහා අපහායන ප්‍රතිපාදනය වූ රුපියල් මිලියන 113ට සාපේක්ෂව 741] ක වැඩිවීමකි. ඉහත ප්‍රතිපාදන අතරින් ශ්‍රී ලංකා රාජ්‍ය ණය ශ්‍රේණිගත කිරීම් පහත හෙලීම හේතුකොටගෙන  රුපියල් මිලියන 704 ක් වෙන් කර ඇති අතර 2019 දී ඒ සඳහා කිසිදු වෙන් කිරීමක් සිදු කර නොමැත.

    විදේශීය මුදලින් නිකුත් කරන ලද රජයේ බැඳුම්කරවල  ගෙවීම් පැහැර හැරීමේ සම්භාවිතාව තීරණය කිරීම සඳහා බැංකුව සාමාන්‍යයෙන් ෆිච් (Fitch) ශ්‍රේණිගත කිරීම් භාවිතා කරනු ලබයි. ෆිච් (Fitch) ආයතනය විසින් 2020 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකා රාජ්‍ය ණය ශ්‍රේණිගත කිරීම් පහත හෙලන ලද අතර ඒ අනුව 2020 දෙවන කාර්තුවේ දී රුපියල් මිලියන 316 ක ප්‍රතිපාදනයක් හඳුනා ගන්නා ලදී. තව ද මූඩීස් ඉන්වෙස්ටර් සර්විසස් (Moody’s Investor Services) විසින් ශ්‍රී ලංකා රාජ්‍ය ණය ශ්‍රේණිගත කිරීම් 2020 සැප්තැම්බර් මාසයේ ‘Caa1’ දක්වා අගයන් දෙකකින් පහත හෙලනු ලැබූ අතර එය වර්තමාන ෆිච් (Fitch) ශ්‍රේණිගත අගයට වඩා අගයන් 01 කින් පහළ මට්ටමක පවතී. ඒ අනුව නුදුරු අනාගතයේ දී ෆිච් (Fitch) ආයතනය විසින්ද නැවත වරක් රාජ්‍ය ණය ශ්‍රේණිගත කිරීම අගයන් 01 කින් පහත හෙළනු ඇතැයි යන අපේක්‍ෂාවෙන්, කාර්තුව තුළ ඉහත උපකරණ සඳහා අතිරේක අපහායන අයකිරීමක් වාර්තා කරන ලදී.

    ණය හා ලැබීම් මත අපහායන අයකිරීම්

    Covid – 19 හේතූවෙන් ගණුදෙනුකරුවන්ට වන අහිතකර බලපෑම විශ්වාසනීය ලෙස තක්සේරු කිරීමට නොහැකි වුව ද, පැවැති තොරතුරු මත පදනම්ව පීඩාවට පත් වූ ගණුදෙනුකරුවන්ට එරෙහිව අතිරේක ප්‍රතිපාදන අයකිරීමට බැංකුව පියවර ගත්තේ ය. තව ද සංචාරක" ඇඟලුම්" වාහන ආනයනය" විදේශීය ව්‍යාපෘති සඳහා ණය දීම" ප්‍රවාහන සහ නිවාස සංකීර්ණ ඉදිකිරීම වැනි ඉහළ අවදානම් සහිත කර්මාන්ත වල නියැලෙන ගණුදෙනුකරුවන් දෙවන අදියර යටතේ වර්ග කර ඇත. මෙමගින් බැංකුවට සාමූහික අපහායනය යටතේ අතිරේක අයකිරීමක් දැරීමට සිදු වී ඇත. මේ මොහොතේදී ඉදිරි අනාගතය පිළිබඳව නිසි ආර්ථික පුරෝකථනයක් ලබා ගැනීමට නොහැකි බැවින් විවිධ ආර්ථික තත්ත්වයන් උදෙසා සම්භාවිතා බර තැබීම් වෙනස් කරමින් සාමූහික අපහායන අයකිරීම් වැඩි කිරීමට ද බැංකුව පියවර ගෙන ඇත.

    ව්‍යාපාර වර්ධනය

    සමාලෝචනයට භාජනය වූ කාලසීමාව තුළ සම්පත් බැංකුවේ සමස්ත වත්කම් පදනම 10'9] ^වාර්ෂික 14'6]& කින් වර්ධනය වූ අතර එය 2020 සැප්තැම්බර් 30 වෙනි දින රුපියල් ටි්‍රලියන 1'1 ට ළගා විය. සංසංදනාත්මකව එය 2019 දෙසැම්බර් 31 වන විට රුපියල් බිලියන 962 ක් විය. සමාලෝචනයට භාජනය වූ කාල සීමාව සඳහා රුපියල් බිලියන 33 ක වර්ධනයක් වාර්තා කරමින් 2020 සැප්තැම්බර් 30 දිනට දළ ණය සහ අත්තිකාරම් 4'6] ක ^වාර්ෂික 6'2]& වර්ධනයක් සහිතව රුපියල් බිලියන 753 ක් දක්වා ළගා විය. සමස්ත තැන්පතු පදනම රුපියල් බිලියන 128 කින් ^17'8] & වර්ධනය වී ^ වාර්ෂික 23'8]&වාර්තා කරන දිනට රුපියල් බිලියන 846 ක් ලෙස වාර්තා විය. මේ අතර ජංගම ඉතුරුම් ගිණුම් අනුපාතය (CASA) 2019 දෙසැම්බර් 31 දිනට පැවති 35'2]  සිට 2020 සැප්තැම්බර් 30 වන විට  37'1] දක්වා වර්ධනය වී ඇත.

    කාර්ය සාධන අනුපාත

    2020 මුල් මාස නවය සඳහා බැංකුවේ කාර්යසාධනය සමග සෘජුව සහසම්බන්ධයක්  ඇති සාමාන්‍ය ස්කන්ධ මත ඉපැයීමේ අනුපාතය (ROE) (බදු පසු) 2019 දෙසැම්බර් 31 දිනට පැවති 11'78]  සිට  2020 සැප්තැම්බර් 30 දිනට 6'45]දක්වා අඩු වී ඇත. තවද 2019 දෙසැම්බර් 31 දිනට 1'66] ක් වූ ආදායම් බදු අඩු කිරීමට පෙර සාමාන්‍ය වත්කම් මත ඉපැයුම් අනුපාතය (ROA) 2020 සැප්තැම්බර් 30 දින වන විට 0'93] ක් දක්වා පහත වැටී ඇත.

    දේශීය බැංකු ඒකකය සහ අක්වෙරළ බැංකු ඒකකය සඳහා වන ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය (SLAR) මෙම කාල සීමාව පුරාවට 20] ක අවම සීමාවන්වලට වඩා ඉහළින් පැවැති අතර 2020 සැප්තැම්බර් 30 දිනට පිළිවෙළින් 33'52]  ක් සහ  36'40] ක් විය.

    ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාව

    2020 සැප්තැම්බර් 30 දිනට බැංකුවේ පළමු පෙළ සාමාන්‍ය ස්කන්ධ ප්‍රාග්ධන අනුපාතය පළමු පෙළ ප්‍රාග්ධන සහ මුලු ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාත පිළිවෙළින් 13'07]" 13'07]" 16'03] ක් වූ අතර වාර්තා කරන දිනට ඊට අනුරූප ශ්‍රී ලංකා මහ බැංකුවේ අවම සීමාවන් වන 6'5]" 8]"12] ට වඩා ඉහළ අගයකින් පැවතුණි.