සම්පත් බැංකුව ෆිච් ශ්‍රේණි ගත කිරීම්හිදී AA- (lka) දක්වා ඉහළට

    July, 9, 2020

    සම්පත් බැංකුව,ෆිච් රේටින්ග්ස් ආයතනය විසින් පිරිනමන ලද ජාතික දිගු කාලීන ශ්‍රේණි ගත කිරීම්හි නවතම සංශෝධනයන් තුළින් තව දුරටත් ඉහළ මට්ටමකට පැමිණ ඇත. එහිදී සිදුකරන ලද ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් පිළිබද සංශෝධිත ජාතික දිගු කාලීන ශ්‍රේණිගත කිරීමට අනුකූලව, සම්පත් බැංකුව පෙර පැවති A+ (lka) ශ්‍රේණියේ AA- (lka) ශ්‍රේණිය දක්වා ඉහළ නංවන ලදී. මෙම ධනාත්මක සංශෝධිත ශ්‍රේණි ගත කිරීම තුළින් සම්පත් බැංකුවේ මූල්‍ය ශක්තිය මෙන්ම එහි නායකත්ව කණ්ඩායමේ දැක්ම හා උපාය මාර්ගයන්හි සාර්ථකත්වය පිළිබද මනාව ප‍්‍රත්‍යක්ෂ වේ.

    ෆිච් රේටින්ග්ස් ආයතනයෙහි ශ‍්‍රී ලංකා ජාතික ශ්‍රේණි ගත කිරීමේ පරිමාණය නැවත ක‍්‍රමාංකනය කිරීමෙන් පසුව, ෆිච් රේටින්ග්ස් විසින් ශ‍්‍රී ලංකා මූල්‍ය ආයතනයන්හි ජාතික දිගුකාලීන ශ්‍රේණි ගත කිරීම් සංශෝධනයට ලක් කරන ලදී. 2020 අපේ‍්‍රල් 24 වන දින ෆිච් රේටින්ග්ස් ආයතනය විසින් ශ‍්‍රී ලංකාවේ ස්වෛරීත්ව ශ්‍රේණි ගත කිරීම් පහත හෙලීමෙන් පසුව ශ‍්‍රී ලාංකික මූල්‍ය ආයතනයන්හි සාපේක්ෂ ණය සුදුසුකම්වල වෙනස්කම් පෙන්වා දීම, මෙම නැවත ක‍්‍රමාංකනය කිරීම තුළින් සිදු විය.

    ආරම්භයේ සිටම ගනුදෙනුකරු කේන්ද්‍ර කොටගත් නවෝත්පාදනයන් කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කර ඇති සම්පත් බැංකුව සිය පාරිභෝගිකයන්ට වඩාත් පහසු වන ලෙස නව්‍ය තාක්ෂණයන් සම`ග නිරන්තරයෙන් ගැටෙමින් බැංකු ක්ෂේත‍්‍රයේ සුවිශේෂී සේවාවන් රැුසක් ගනුදෙනුකරුකරුවන් වෙත ප‍්‍රථම වරට හ`දුන්වා දීමට කටයුතු කරන ලදී. සාම්ප‍්‍රදායික බැංකුකරණ තාක්ෂණයෙන් ඔබ්බට යමින් ‘බැංකුකරණයේ යෙදී සිටින තාක්ෂණික සමාගමක්’ බවට සම්පත් බැංකුව ශක්තිමත්ව පරිවර්තනය වෙමින් සිටී. අභියෝගාත්මක දේශීය මෙන්ම ජාත්‍යන්තර වෙළෙ`දපොළ තත්වයන් හමුවේ වුවද සම්පත් බැංකුවේ වර්ධන වේගය අඛණ්ඩව පවත්වාගෙන යාමට මෙය හේතු වී ඇත.

    මේ සියලූ දේ සමග ශ‍්‍රී ලාංකේය වටිනාකම් ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් සම්පත් බැංකුව තුළ වූ කැපවීම හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා සිටින සියලූ ශ‍්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය මෙන්ම ආදරය නොඅඩුව හිමි කර ගැනීමට සම්පත් බැංකුව සමත්ව ඇත. ඒ නිසාම LMD වාර්ෂික සන්නාම ශ්‍රේණිගත කිරීම්හි මෙම වසරේ ශ‍්‍රී ලංකාවේ වඩාත් ජනාදරයට පත් බැංකු සන්නාමය ලෙස පත්වීමටද සම්පත් බැංකුවට හැකියාව උදා විය.

    බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ දැක්ම, ගනුදෙනුකරුවන්ගේ හා කොටස් හිමියන්ගේ සහයෝගය සහ විශ්වාසය මෙන්ම කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ කැපවීම තුළින් ඉදිරියට යන සම්පත් බැංකුව සියලූ ශ‍්‍රී ලාංකිකයන් වෙත ඉහළ සේවාවක් සමගින් වැඩි වටිනාකමක් හිමි කර දීමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.