සම්පත් සුක්කානම අරවින්දගෙන් නන්ද ට

    September, 12, 2016

    සම්පත් බැංකුවේ නව කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් නන්ද ප්‍රනාන්දු හෙට සිට (13) වැඩ භාර ගැනීමට නියමිතය.

    ඒ සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වූ අරවින්ද පෙරේරා අද (12) සිට සිය ධූරයෙන් විශ්‍රාම යනු ලබන බැවිනි.

    සම්පත් බැංකුවේ වත්මන් ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා වන නන්ද ප්‍රනාන්දු එහි පරිපාලිත සමාගමක් වන SC සිකියුරිටීස් හි අධ්‍යක්ෂවරයෙකු ද වේ.

    බැංකුකරුවකු ලෙස වසර 35 ක අත්දැකීම් ඇති ඔහු වසර 6 ක් හැටන් නැෂනල් බැංකුවේ සේවය කර ඇති අතර ඉතිර වසර 29 ම ඔහුගේ සේවය කැප කරන ලද්දේ සම්පත් බැංකුව වෙනුවෙනි.