සමාගම් කිහිපයකින්ම කොටස්කරුවන්ට ලාභාංශ

    November, 14, 2019

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් හි 2019 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුව වෙනුවෙන් වන මූල්‍ය වාර්තා මේ වන විට නිකුත් වෙමින් පවතී.

    මෙම මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කිරීමට සමගාමීව සමාගම් කිහිපයක් විසින් ලාභාංශ ප්‍රකාශයට පත් කිරීමට ද මේ වන විට කටයුතු කර ඇත.

    මෙහිදී ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී විසින් කොටසක් වෙනුවෙන් සත 65 ක පළමු අතුරු ලාභාංශය අද (14) දින ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර එය 2019 දෙසැම්බර් 04 දින ගෙවීමට නියමිතය.

    මේ අතර ඇක්සෙස් ඉංජිනියරින් පීඑල්සී ඊයේ (13) දිනයේ දී කොටසක් සඳහා සත 25 ක අතුරු ලාභාංශයක් ප්‍රකාශයට පත් කරන ලදී. මෙය 2019 දෙසැම්බර් 03 දින ගෙවීමට දින යොදා ඇත.

    ලංකා දුම්කොළ සමාගම සිය තෙවන අතුරු ලාභාංශය ලෙසින් කොටසක් වෙනුවෙන් රුපියල් 21 ක් ගෙවනු ලබන බව නොවැම්බර් 08 දින නිවේදනය කර සිටියේය. මෙය නොවැම්බර් 28 දින ගෙවීමට නියමිතය.