සරසවි සිසුන්ට සහ වාණිජ ගුරුවරුන්ට ප්‍රාග්ධන වෙළඳ පොළ අනිවාර්යයි

    March, 19, 2014

    රජයේ විශ්ව විද්‍යාලවල උපාධි අපේක්ෂකයින්ට සහ රජයේ පාසැල්වල වාණිජ ගුරුවරුන්ට ප්‍රාග්ධන වෙළඳ පොළ පිළිබඳව ඉගනීම අනිවාර්ය කර තිබේ.

    මේ අනුව, කොළඹ කොටස් වෙළඳ පොළ පවසන්නේ මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළඳ පොළ විසින් සකස් කළ අධ්‍යාපනික වැඩසටහන සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් හා අධ්‍යාපන අමාත්‍යංශයෙන් අනුමැතිය හිමිවූ බවයි.

    මෙහිදී, ප්‍රාග්ධන වෙළඳ පොළ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළු පැවැත්වීමට සූදානම් වේ.