• Ada Derana BIZ Sinhala
  • CDF
  • sri lanka

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී 2022-23 පළමු කාර්තුවේදී ආකර්ෂණීය වර්ධනයක් වාර්ථා කරයි

September, 7, 2022

ග්‍රාමීය ආර්ථික සංවර්ධනයය දැක්ම කොටගත් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 22/23 මූල්ය වර්ෂයේ පළමු කාර්තුව තුල අඛන්ඩව ඉහළ වර්ධනයක් සහතික කරගෙන තිබේ.

එහිදී, සමාගම කෙරෙහි වූ මහජන විශ්වාසය තවදුරටත් පිළිබිඹු කරමින්, SDF හි තැන්පතු පදනම 2022 මාර්තු මස අග සිට 2022 ජුනි අවසානය දක්වා 10.1%කින් වර්ධනය වී ඇත.

මෑතකදී රට තුළ අත්දකින ලද සමාජ, දේශපාලන සහ ආර්ථික අභියෝග සියල්ල මධ්‍යයේ වුවද සමාගමේ සමස්ත වත්කම්වල වර්ධනයක් SDF පිළිබිඹු කරයි.

එමෙන්ම, 2022 ජූනි 30 වැනි දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා SDF හි සමස්ත ආදායම රුපියල් මිලියන 559.84කි. එය 2021-22 මූල්ය වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදයේ වාර්තා වූ රුපියල් මිලියන 397.34ක ආදායමට සාපේක්ෂව 40.9% ක වර්ධනයකි.

මෙම කාර්තුව සඳහා ශුද්ධ මෙහෙයුම් ආදායම 22.6%කින් වැඩිවී ඇති අතර, එය පෙර වසරේ අනුරූප කාර්තුවේ වාර්තා වූ රුපියල් මිලියන 235.65 සිට රුපියල් මිලියන 288.82ක් දක්වා කැපි පෙනෙන වර්ධනයකි.

එසේම, මූල්ය සේවා මත බදු ගෙවීමට පෙර මෙහෙයුම් ලාභය පෙර වසරේ වාර්තා වූ රුපියල් මිලියන 47.90ක අගය හා සැසඳීමේදී, මෙවර රුපියල් මිලියන 74.62ක් දක්වා 55.8%කින් වැඩිවී ඇති අතර, SDF හි බදු ගෙවීමට පෙර ලාභය පෙර වසරේ පළමු කාර්තුවේ වාර්තා වූ රුපියල් මිලියන 28.36ට සාපේක්ෂව රුපියල් මිලියන 45.30ක් දක්වා 59.8%කින් වර්ධනය විය.

2021-22 මූල්ය වර්ෂයේ පළමු කාර්තුවේදී රුපියල් මිලියන 15.73ක් ලෙස වාර්තා වූ බදු ගෙවීමෙන් පසු ලාභය, මෙවර 115.0%ක වර්ධනයක් සනිටුහන් කරමින්, රුපියල් මිලියන 33.83ක බදු ගෙවීමෙන් පසු ලාභයක් සමග SDF 2022-23 මූල්ය වර්ෂයේ පළමු කාර්තුව අවසන් කරන ලදී.

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී (SDF) මේ වනවිටත් සිය කෘෂිකාර්මික ණය ලබාදීම සහ ගොවිතැන් ආශ්‍රිත ආධාරක සේවා පුළුල් කර ඇති අතර, එමගින් රටේ ජීවනාලිය බඳු අත්යවශ්ය කෘෂිකාර්මික අංශය යථාතත්ත්වයට පත් කිරීමට සක්රීයව පහසුකම් සපයමින් සිටින බව මහත් අභිමානයෙන් යුතුව පවසයි.

එහිදී, ප්‍රමුඛ පෙළේ කෘෂිකාර්මික උපකරණ සහ යන්ත්රෝපකරණ සැපයුම්කරුවන් සමග පවතින උපායමාර්ගික ගිවිසුම් සුවිශේෂී වැදගත්කමක් දක්වයි. ඒ තුළින් කෘෂි ඵලදාව සහ නිමවුම වර්ධනය වෙනුවෙන් SDF විසින්, බහුකාර්ය අස්වනු නෙළන යන්ත්, ට්‍රැක්ටර්, ස්වයංක්‍රීය සහල් මෝල් සහ වෙනත් උපකරණ වැනි නවීන කෘෂිකාර්මික යන්ත්රෝපකරණවලින් ග්රාමීය ගොවි ජනතාව තාක්ෂණයෙන් සන්නද්ධ කරමින් සිටියි. මෙම උපායමාර්ගික ගිවිසුම් එසේ වැදගත් වන්නේ, ඒවා ආයතනික වශයෙන් SDF හි කාර්යසාධනය කෙරෙහි ඇතිකෙරෙන අවදානම අවම කරන අතරම, ආපසු මිලදී ගැනීමේ (Buy Back) එකී ගිවිසුම් නිතැතින්ම SDF සමග සම්බන්ධව සිටින විශ්වාසවන්ත පාරිභෝගිකයාටද අමතර සහනයක් සලසන බැවිනි.

මේ අතර, ගොවි ප්‍රජාව ඔවුන් ලබාගත් ණය ආපසු ගෙවීමේදී අස්වැන්න නෙළන කාලය හෙවත්, ගොවීන් අත වැඩිපුර මුදල් ගැවසෙන කාලයේදී ඒවා ගෙවීමට වැඩි පහසුවක් සැලසෙන ආකාරයෙන් කන්න වාරික වැනි ණය ප්රතිව්යුහගත ක්රම SDF හඳුන්වා දී ඇත. කෘෂිකාර්මික ක්ෂේත්රයේ පැනනගින විවිධ අර්බුද තත්ත්වයන්හිදීද මෙවැනි ණය ආපසු ගෙවීමේ පහසුකම් සැලසීමට SDF කටයුතු කිරීම ගොවි ප්රජාවට මහත් අස්වැසිල්ලකි.

සර්වෝදය ව්‍යාපාරයේම අනුබද්ධිත ආයතනයක් මගින් නිපදවෙන දියර කාබනික පොහොර (Effective Micro-organism) යොදාගෙන තම වගාවන්හි ඵලදාව වැඩිකර ගැනීම සඳහා තම පාරිභෝගික ගොවි ජනතාව ඒ සමග සම්බන්ධ කිරීමටද SDF කටයුතු කරයි. එම දියර කාබනික පොහොර පේටන්ට් බලපත්‍රලාභී ජපන් යාන්ත්රණයක් මත පදනම්ව, සර්වෝදය සංගමය විසින් නිෂ්පාදනය කරනු ලැබේ.

තවත් ආධාරක පියවරක් ලෙස, ගොවීන්ට තම නිෂ්පාදන සාධාරණ මිලට වහාම විකිණීමට හැකි බව සහතික කිරීම වෙනුවෙන් ගොවි නිෂ්පාදන සඳහා ඉදිරි මිලදී ගැනීමේ ගිවිසුම් (Forward Buying Contracts) සඳහාද SDF පහසුකම් සැලසීමට කටයුතු කරයි.

ව්‍යාපාරයන්හි අඛණ්ඩතාව සහ වර්ධනය සඳහා අත්යවශ්ය අරමුදල් සැපයීම හරහා රටේ ප්රජා මූලික සමාජයන් මෙන්ම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්යවසායකයන් ශක්තිමත් කිරීම මගින් ආර්ථිකය යළි නඟාසිටුවීම සඳහා අඛණ්ඩව සහාය දෙන අතරම, SDF විසින් ඉදිරියටත් රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව සුපරීක්ෂාකාරීව කටයුතු කරනු ඇති බව වැඩිදුරටත් අවධාරණය කර සිටියි.