ස්ලෝවේනියාව හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක්

    September, 9, 2016

    ස්ලෝවේනියාව හා ශ්‍රී ලංකාව අතර දේශපාලන, ආර්ථික, කොන්සියුලර්, තාක්ෂණික හා විද්‍යාත්මක සහ සංස්කෘතික සහයෝගිතාව ඇතුළුව ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීමේ, ශක්තිමත් කිරීමේ හා පුළුල් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ස්ලෝවේනියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර දේශපාලන උපදේශන ක්‍රමවේදයක් ස්ථාපනය කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදී.

    පසුගිය දා (07) සිය ස්ලෝවේනියානු නිල සංචාරය අතරතුරදී විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර හා ස්ලෝවේනියාවේ නියෝජ්‍ය අගමැති හා විදේශ අමාත්‍ය Karl Erjavec අතර මෙම අවබෝධතා ගිවිසුමට අත්සන තැබිණි.