February, 27, 2017
2017 පෙබරවාරි 23 වන දින පැවති අධ්යක්ෂ මණ්ඩල හමුවේ දී රුපියල් මිලියන 149.328 ක අරමුදලක් සම්පාදනය කර ගැනීම වෙනුවෙන් හිමිකම් කොටස් නිකුතුවක් කිරීමට තීරණය වූ බව ස්වදේශී ඉන්ඩස්ට්‍රියල් වර්ක්ස් පීඑල්සී විසින් නිවේදනය කර සිටී.
මේ අනුව දැනට පවතින සෑම සාමාන්‍ය කොටස් 7 කටම 1 බැගින් වන පරිදි හිමිකම් කොටස් 18,666 ක් නිකුත් කිරීමට නියමිතය.
සිය බාහිර බැරකම් පියවීම වෙනුවෙන් මෙම හිමිකම් කොටස් නිකුතුව හරහා රැස්කර ගනු ලබන අරමුදල් යොදා ගැනීමට බලාපොරොත්තු වන බව සමාගම වැඩිදුරටත් කියා සිටී.
දැනට කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු වන සමාගම් කොටස්වලින් ද්‍රවශීලතාවයෙන් අඩුම සමාගම් කොටසක් ලෙසින් ස්වදේශී ඉන්ඩස්ට්‍රියල් වර්ක්ස් පීඑල්සී හැඳින්විය හැකිය.
මෙම සමාගමේ කොටසක ගනුදෙනු මිල මේ වන විට රු. 15,000/- කි.
සමාගම විසින් නිකුත් කර ඇති මුළු කොටස් ප්‍රමාණය කොටස් 130,667 ක් වන අතර කොටස්කරුවන් 154 දෙනෙක් අතර ඒවා බෙදී ගොස් ඇත.
ස්වදේශී ඉන්ඩස්ට්‍රියල් වර්ක්ස් පීඑල්සී හි ප්රමුඛ කොටස්කරුවා වන්නේ අමරි විජේවර්ධන මහත්මියයි. සමාගමෙන් 33.79% ක කොටස් අයිතිය ඇය සතුවේ. වර්තමානයේ එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය වන්නේ ද ඇයයි.