ස්වීඩන කොන්සල් තනතුර ඔටාරාට. ඩයන්ට ජෝර්ජියාව

    January, 21, 2019

    විදේශ කටයුතු භාර ඇමතිතුමන් විසින් 2018 නොවැම්බර් මස සිට ක්‍රියාත්මක වන පරිදි ගුවාතමාලා, ස්වීඩන, භූතාන හා ජෝර්ජියා රාජ්‍යයන් වෙනුවෙන් නිර්වේතනික කොන්සල්වරුන් පත් කර තිබේ.

    අදාළ රාජ්‍යයන් සහ පත්කරන ලද කොන්සල්වරුන් පහත පරිදි වේ.

    ගුවාතමාලාව - අරූන් හයිඩ්‍රාමණි
    ස්වීඩනය - ඔටාරා ගුණවර්ධන
    භූතානය - අබ්බාස් යූසුෆ්අලි
    ජෝර්ජියාව - ඩයන් ගෝමස්

    මෙහිදී අරූන් හයිඩ්‍රාමණි සහ අබ්බාස් යූස්ෆ්අලි මහත්වරුන්ගේ පත් කිරීම් 2018 නොවැම්බර් 01 දින සිට බලපැවැත්වෙන අතර ඔටාරා ගුණවර්ධන මහත්මියගේ හා ඩයන් ගෝමස් මහතාගේ පත් කිරීම 2018 නොවැම්බර් 15 දින සිට බලපැවැත්වේ.

    මේ පිළිබඳ ගැසට් නිවේදනය පසුගිය ජනවාරි 19 දින ප්‍රකාශයට පත් කර තිබේ.