ස්වේත චන්දනාදීලේපය සැෆ්රන් හර්බල් ක‍්‍රීම් වෙළෙඳපොළට හඳුන්වාදෙයි

    September, 26, 2019

    ”ස්වේත.... චන්දනාදීලේපය”; ස්වේත චන්දන.. නොහොත් සුදුහඳුන් මූලික කොටගත් චන්දනත්‍ව ආදී.. එනම් සුදු හදුන් හා තවත් ආයුර්වේද ශාක සංඝටක රැසක් සමග වෙනිවැල්, කස්තුරි කහ, කොකුම්පොතු, සුවඳ කොට්ටං ආදී වූ වටිනා ඖෂධ සංකලනය වූ ඩ්‍රීම් ලයිෆ් සයන්ස් පුද්ගලික සමාගම වෙතින් හදුන්වාදෙන ඖෂධීය රූපලාවන්‍ය නිෂ්පාදන පෙළකි .

    අනාදිමත් කාලයක සිට ශ‍්‍රී ලාංකික කාන්තාවන් තම පංචකල්‍යානය පිළිබඳ සැලකිලිමත් වූහ. වර්තමානය වන විට කාන්තාවන් පමණක් නොව පුරුෂ පාර්ශවය ද තම පෞරුෂය මෙන්ම රුව පිළිබඳව ද විශේෂ සැලකිල්ලක් දක්වයි. නමුත් වර්තමානයේ නිපදවෙන රූපලාවණ්‍ය ආලේපන බොහෝමයක ශරීරයට අහිතකර රසායනික සංයෝග අඩංගු වන බවට විද්‍යානුකූලව තහවුරු කර ඇති බැවින් පාරිභෝගික ජනතාව වෙළෙඳපොළේ ඇති දහසකුත් එකක් ආලේපන වර්ග අතර අතරමංව සිටි.

    සැෆ්රන් යනු කුංකුමයි. අනාදිමත් කාලයක පටන් පෙරදිග කාන්තාවන්ගේ සම පැහැපත් කිරීම මෙන්ම නිරෝගිබව ආරක්ෂා කිරීම සඳහා කුංකුම භාවිතා කල බව ඉතිහාසය සාක්ෂි දරයි .

    ස්වේත චන්දනාදීලේපය, සැෆ්රන් හර්බල් ක‍්‍රීම් ලෙසින් තම නවතම නිෂ්පාදනය ඞී‍්‍රම් ලයිෆ් සයන්ස් පුද්ගලික සමාගම වෙළෙඳ පොළට හඳුන්වා දෙන්නේ, වර්තමාන ජන සමාජය තුළ රූපලාවණ්‍ය ආලේපන කෙරෙහි පවතින බිය තුරන් කර විශ්වසනීයත්වයෙන් භාවිතා කළ හැකි ආලේපනයක් බව සහතික කරමින් එහි ගුණාංග තවත් වැඩි දියුණු කිරීමට සැෆ්රන් එසේත් නැතිනම් කුංකුම එයට මුසු කිරීම තුළිනි. පුරාතනයේ පටන් රූපලාවණ්‍ය හැඩ කෙරුන ස්වභාදහමේ ආයුර්වේද ශාකසාර වූ සුදුහඳුන් මූලික කොටගෙන ප‍්‍රතිඵලදායක නිෂ්පාදනයක් ලෙස මෙන්ම  විසිඑක්වන සියවසේ නවීන තාක්ෂණය ඊට යොදා ගනිමින් පහසුවෙන් භාවිතා කළහැකි පෙරදිග අපරදිග රූපලාවන්‍ය  නිෂ්පාදනයක තිබිය යුතු ලක්ෂණ ඊට මුසු කරමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට දෙමුහුම් (Hybrid) නිෂ්පාදනයක් ලෙස ස්වේත චන්දනාදීලේපය සැෆ්රන් හඳුන්වා දී ඇත.

    මිලෙන් ඉතා අධික ස්වාභාවික සැෆ්රන් යොදාගෙන සකස් කරන ලද ස්වේත චන්දනාදීලේපය සැෆ්රන් හර්බල් ක‍්‍රීම් ප‍්‍රතිඔක්සිකාරක ගුණයෙන් අනූනය. නිරෝගී, සිනිඳු, දීප්තිමත් හා කාන්තිමත් සමකට අවශ්‍ය කරන සියලූ ගුණයෙන් යුත් ආයුර්වේද ශාකසාරවලින් අනූන මෙම නිෂ්පාදනය සති කීපයක් නොකඩවා භාවිතයෙන් සාර්ථක ප‍්‍රතිඵල ඉක්මනින් ලඟා කරගත හැක.

    මෙම ආලේපනය ස්ත‍්‍රී පුරුෂ දෙපාර්ශවයටත්, තරුණ මහලූ භේදයකින් තොරව සත්කාරයක් ලෙස උදේ සහ සවස භාවිතා කිරීමට යෝග්‍යයි. විශේෂයෙන් ගැටළු සහිත සමක්, කුරුලෑ ,බිබිලි , ක‍්‍රීම් අලේප කලවිට දාඩිය හමන  අයෙකුට,  රූපලාවන්‍ය ආලේප කරන අයෙකුට  වුවද  ඉතා යෝග්‍යයි.

    ස්වේත චන්දනාදීලේපය සැෆ්රන් හර්බල් ක‍්‍රීම් හි සමට අහිතකර කිසිදු රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවන බව පර්යේෂණාගාර වාර්තා මගින් තහවුරු කර ඇති බැවින් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය මෙයට ලැබී තිබේ.

    ස්වේත චන්දනාදීලේපය සැෆ්රන් පහසුවෙන් මිලදීගත හැකි පරිදි 12 ට, 20 ට හා 60 ට ලෙස වෙළදපොලට හඳුන්වා දෙයි.

    එමෙන්ම ස්වේත චන්දනාදීලේපය නිෂ්පාදන පෙළ අතර හිරු එළියෙන් සමට වන අහිතකර බලපෑම පාලනය කිරීම සඳහාත්,  සම පැහැපත්ව සුදු වීම වෙනුවෙන්ම නිෂ්පාදනය කළ ස්වේත චන්දනාදීලේපය ඬේ ක‍්‍රීම් ද රාත‍්‍රියේදී සම ගොඩ නැගීමට අවශ්‍ය පෝෂණය රැුගත් මැරයින් ඇල්ගී සාරය මුසු කර නිෂ්පාදනය කරන ස්වේත චන්දනාදීලේපය නයිට් ක‍්‍රීම් ද පළමුවරට සාඩම්බරයෙන් හඳුන්වා දෙනු ලබයි.

    ඉහත නිෂ්පාදන ත‍්‍රිත්වයට අමතරව පසුගිය වසර 7 ක පමණ කාලයක සිට ප‍්‍රධාන අමුද්‍රව්‍ය වශයෙන් සුදුහඳුන් භාවිතා කරන පාරිභෝගිකයන් අතර ප‍්‍රචලිත ස්වේත චන්දනාදීලේපය සැන්ඞ්ල්වුඞ් ක‍්‍රීම් වර්ගයත් නව මුහුනුවරකින් වෙළඳ පලට ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි.