සැප්තැම්බරයේ දී විදෙස් සංචිතය ඩොලර් මිලියන 886කින් පහළට

    October, 14, 2019

    2019 අගෝස්තු 30 දින වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 8,523.71 ක්ව පැවති මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2019 සැප්තැම්බර් 30 දින වන විට ඩොලර් මිලියන 7,637.6 ක් දක්වා ඩොලර් මිලියන 886කින් පහළ බැස ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ.

    මෙහිදී විදෙස් විනිමය සංචිතය සැප්තැම්බර් මාසය තුළ දී ඩොලර් මිලියන 7,494.66 සිට ඩොලර් මිලියන 6,637.3 ක් දක්වා ඩොලර් මිලියන 857කින් පහළ යාම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.

    මෙම මාසය තුළ දී රන් සංචිතය ඩොලර් මිලියන 956.83 සිට ඩොලර් මිලියන 926.7 දක්වා ද පහළ වැටීමක් වාර්තා කර ඇත.