සැප්තැම්බර් 01 සිට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමේ ගාස්තුව වෙනස් වෙන්නේ මෙහෙමයි

    August, 10, 2018

    1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත යටතේ, අභන්තර කටයුතු හා වයඹ සංවර්ධන පිළිබඳ අමාත්‍ය එස්. බී. නාවින්න මහතාගේ අත්සනින් යුතුව ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ ගාස්තු සම්බන්ධයෙන් නවතම ගැසට් නිවේදනයක් ඊයේ (09)  ප්‍රකාශයට පත් වී තිබේ.

    මීට අනුව 2018.09.01 දින සිට බලපැවැත්වෙන පරිදි ලියාපදිංචි කිරීම හා පළමු වරට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන අයදුම්පත්‍රයකට අදාළව රුපියල් සියයක ගාස්තුවක් ගෙවිය යුතු බවට ප්‍රකාශයට පත් කර තිබේ.

    තවද මෙම ගැසට් නිවේදනයට අනුව 2018.09.01 දින සිට බලපැවැත්වෙන පරිදි ජාතික හැඳුනුම්පතක අනු පිටපතක් නිකුත් කිරීම සඳහා ගාස්තුව රුපියල් පන්සියයක් විය යුතු බව ද නියම වී තිබේ.

    මේ සම්බන්ධයෙන්  නිකුත් කරනු ලැබූ අතිවිශේෂ ගැසට් පත්‍රය පහතින් දැක්වේ.