සැම්සුන්ග් ගින්න ලංකාවේ දුරකතන වලටත් බලපානවාද ?

    April, 21, 2014

    සැම්සුන්ග් සමාගමේ දකුණු කොරියාවේ පිහිටි ප්‍රධාන දත්ත මධ්‍යස්ථානයේ අද ඇතිවූ ගින්නෙන් වූ හානිය නිසා ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් වෙත සමාගම විසින් සපයන සේවා වලට ගැටලුවක් ඇතිවී නැතැයි සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් සමාගමේ මෙරට නියෝජිතයින් කියයි.

    අප සමග අදහස් දක්වමින් සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් ශ්‍රී ලංකා ශාඛාවේ ජංගම දුරකතන අංශයේ, නිෂ්පාදන කළමනාකරු, කපිල පෙරේරා මහතා මේ බව සඳහන් කළේය.

    සැම්සුන්ග් නිෂ්පාදන භාවිතා කරන ඔබටත් මේ පිළිබඳව අදහස් දැක්විය හැකියි. මෙම ගින්නට අදාළව ඔබ යම් අපහසුතාවයකට පත්වූවා යැයි දැනුනා නම් ඔබේ ප්‍රතිචාරයත් දක්වන්න.

    Video Story

    Stock Market

    Exchange Rates