සැම්සුන්ග් වෙතින් යළිත් ස්මාර්ට් පෙරළිකාරයෙක්

    July, 16, 2015

    ලොව සුපතල සැම්සුන්ග් සමාගම විසින් මෙතෙක් නිපදවූ සිහින්ම ස්මාර්ට් ජංගම දුරකතනය වෙළඳ පොළට නිකුත් කිරීමට සමාගම සූදානම් වේ.

    Galaxy A8 යනුවෙන් නම්කර තිබෙන මෙම ස්මාර්ට් ජංගම දුරකතනයේ ඝනකම මිලි මීටර් 5.9 ක් බවත් මෙය අඟල් 5.7 ක 1080 පික්සල් HD තිරයකින් සමන්විත බවත් සඳහන්ය.

    සමාගම විසින් මීට පෙර එළිදක්වා තිබුණු Galaxy A7 ස්මාර්ට් ජංගම දුරකතනයේ ඝනකම අඟල් 6.3 ක් විය.

    වාර්තා වන අන්දමට මෙය ලෝකයේ සිහින්ම ස්මාර්ට් ජංගම දුරකතනය නොවූවත් ඇපල් සමාගමේ නවතම iPhone 6 ස්මාර්ට් ජංගම දුරකතනයට වඩා මෙය සිහින්ය.

    සැම්සුන්ග් විසින් මෙම දුරකතනය මුලින්ම එළිදැක්වීමට සූදානම් වන්නේ චීනයේයි.