සෑම පාසල් දරුවෙකුටම පන්නිපිටිය පෞද්ගලික රෝහලෙන් සුවිශේෂී වට්ටමක්

    February, 3, 2020

    මෙරට කීර්තිමත් පෞද්ගලික රෝහලක් වන පන්නිපිටිය පෞද්ගලික රෝහල පාසල් දරුදැරියන්ගේ නීරෝගී බව සුරැකීම අරමුණු කරගනිමින්, ඔවුන් ප‍්‍රතිකාර සඳහා විශේෂ වට්ටම් පෙළක් හඳුන්වා දී තිබේ. මේ අනුව සෑම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවකගේම නේවාසික පහසුකම් සඳහා 20% ක වට්ටමක්ද රසායනාගාර පරීක්‍ෂණ සඳහා 10%ක සහ සාත්තු සේවාවන් (Nursing care) සඳහා 10% වට්ටමක් පිරිනැමීමට රෝහල් කළමනාකාරීත්වය තීරණය කර ඇත. මෙම සුවිශේෂී වට්ටම් වැඩසටහන 2020 ජනවාරි 20 සිට පෙබරවාරි 20 දක්වා වන කාලය සඳහා වලංගු වේ.

    පාසල් දරු දැරියන් වෙනුවෙන් රජය මීට පෙර හඳුන්වාදී තිබූ සුරක්‍ෂා රක්‍ෂණවරණයට සමගාමීවද පන්නිපිටිය පෞද්ගලික රෝහල සිසු දරු දැරියන් සඳහා විශේෂ වට්ටම් පෙළක් හඳුන්වාදී තිබූ අතර එහි ප‍්‍රතිලාභ තවදුරටත් පුළුල් කරමින් මෙම නවතම වැඩසටහන හඳුන්වා දුන් බව රෝහල් සභාපති සහ කළමණාකාර අධ්‍යක්‍ෂ, ආචාර්ය ආනන්ද කුරුප්පුආරච්චි මහතා පැවැසීය. ”රටේ අනාගතය බාර ගැනීමට සිටින දරු පරපුර නීරෝගීමත් ලෙස හැදී වැඩෙනු දැකීමයි වගකීමෙන් යුත් රෝහලක් ලෙස අප රෝහලේ බලාපොරොත්තුව වන්නේ. එබැවින් දැයේ දරුවන්ට නීරෝගී දිවිපෙවෙතක් උරුම කර දීම උදෙසා අප මේ වනවිට සත්කාරක වැඩසටහන් රැුසක් ක‍්‍රියාවට නංවා තිබෙනවා. ඒ් අනුව පාසල් දරු දැරියන් වෙනුවෙන් මේ වසරේ දියත් කරන පළමු සත්කාරක වැඩසටහන ලෙස ඔවුන්ගේ ප‍්‍රතිකාර සඳහා සුවිශේෂී වට්ටම් පෙළක් අප හඳුන්වා දුන්නේ ඉතා සතුටින්. සුරක්‍ෂා රක්‍ෂණාවරණය නැවත ක‍්‍රියාත්මක වනතුරු මෙරට දූ දරුවන්ටත් ඔවුන්ගේ දෙමාපියන්ටත් මෙම සුවිශේෂී වැඩසටහන හරහා විශාල සහනයක් අත්වේ යැයි අප විශ්වාස කරනවා” යනුවෙන්ද සභාපතිවරයා වැඩිදුරටත් කියාසිටියේය. වයස අවුරුදු 18 ට අඩු සිසු දරු දැරියන් සැමට පන්නිපිටිය පෞද්ගලික රෝහලෙන් මෙම සුවිශේෂී වට්ටම් හිමිකර ගත හැකිය. මේ පිළිබඳ සියලූ විමසම් සඳහා 0112840065 යන අංකය විවෘත කර තිබේ.

    වසර 25කට ආසන්න කාලයක් පුරා මෙරට සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ විශ්වාසනීය නාමයක් දිනා සිටින පන්නිපිටිය පෞද්ගලික රෝහලෙහි පහසුකම් මේ වනවිට තවදුරටත් ඉහළ නංවා ඇත. නේවාසික ප‍්‍රතිකාර පහසුකම් තවත් පුළුල් කරමින් රෝගීන්ට අඩු මුදලකට, සුපිරි පහසුකම් ලබා දෙන අධි සුඛෝපභෝගී කාමර සංකීර්ණයක්ද Lotus Wing නමින් මෑතකදී රෝහලේ විවෘත කෙරිණි. අනවශ්‍ය  වියදම් කපා හැර, එමගින් ලැබෙන ප‍්‍රතිලාභද ජනතාව වෙත පිරිනැමීමට පන්නිපිටිය පෞද්ගලික රෝහල පිරිවැය ඵලදායී සහ ඉහළම ගුණාත්මක බවකින් යුතු සුව සේවාවක් සපයන රෝහලක් ලෙසද සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ නම් දරා සිටියි.