February, 20, 2020
ජෙට්ස්ටාර් ඒෂියා ගුවන් සේවය 2020 ජුලි 1 වන දින සිංගප්පූරුවේ සිට කොළඹ දක්වා සෘජු ගුවන් ගමන් වාර අරම්භ කරනු ලබන බව නිවේදනය කර සිටී. මේ අනුව සිංගප්පූරුවේ සිට ගමන් අරඹන ජෙට්ස්ටාර් ඒෂියා හි 25 වන ගමනාන්තයට බවට කොළඹ පත්වන අතර මෙරටට පැමිණෙන Qantas සමූහයේ පළමු ගුවන් සේවය බවට ද එය පත් වනු ඇත.
එසේම සිංගප්පූරුව සහ කොළඹ අතර සෘජුව ක්‍රියාත්මක වන එකම අඩු වියදම් ගුවන් සේවය (low-cost carrier – LLC) බවට ද ජෙට්ස්ටාර් ඒෂියා හැඳින්විය හැකිය.
Jetstar Asia වෙබ් අඩවිය හරහා සිංගප්පූරුව හා කොළඹ අතර ආසන වෙන් කිරීමේ පහසුකම මේ වන විට ආරම්භ වී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජෙට්ස්ටාර් ඒෂියා හි ප්‍රධාන විධායක නිලධාරී බාරා පසුපති පැවසුවේ, සංචාරකයින් විසින් සිය නිවාඩු ගත කිරීමේ ගමනාන්තයක් ලෙසින් ශ්‍රී ලංකාව නිරන්තරයෙන් තෝරා ගන්නා බවයි. “අපගේ ගනුදෙනුකරුවන් සඳහා ආකර්ෂණීය නව ගමනාන්තයන් අඛණ්ඩව විවෘත කිරීමට ජෙට්ස්ටාර් ඒෂියා කැපවී සිටිනවා” යැයි පසුපති මහතා පැවසීය.
ජෙට්ස්ටාර් ඒෂියා සිංගප්පූරු - කොළඹ ගුවන් කාලසටහන පහතින් දැක්වේ.

Video Story