සිංගප්පූරුවේ Ube ටෝක්යෝ සිමෙන්ති ගොඩ වැඩි කර ගනී

    June, 29, 2017

    ටෝක්යෝ සිමෙන්ට් කම්පැනි (ලංකා) පීඑල්සී හි සිය කොටස් හිමිකාරීත්වය 10% ක් දක්වා වැඩි කර ගැනීමට Ube Singapore Holdings Pte. Ltd පසුගිය දා කටයුතු කරනු ලැබීය. මීට පෙර Ube Singapore Holdings සතුව පැවති ටෝකියෝ සිමෙන්ති හිමිකාරීත්වය, සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් සියයට 2 කි.

    මෙහිදී ටෝක්යෝ සිමෙන්ති සමාගමේ කොටස් මිලියන 10.7 ක් රුපියල් 72 බැගින් මිල දී ගැනීමට Ube Singapore Holdings Pte. Ltd පියවර ගත්තේය. පසුගිය ජූනි 27 වැනි දින ගිවිසා ගත් කොටස් ගනුදෙනුවක් ලෙසින් මෙම ගනුදෙනුව සම්පූර්ණ කෙරිණි.