සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමෙන් තීරු බදු නිදහස් භාණ්ඩ 182 මෙන්න

    August, 7, 2018

    සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ තීරු බදු නිදහස් කෙරෙන භාණ්ඩ 182 ක තොරතුරු ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.

    1962 අංක 19 චරක ආදායම් සංරක්ෂණ පනත යටතේ නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා ගේ අත්සනින් නිකුත් කරන ලද්දකි. පහත දැක්වෙන්නේ එම ගැසට් නිවේදනයෙහි සඳහන් තීරු බදු නිදහස් කෙරෙන භාණ්ඩ 182 සඳහන් ලේඛනයයි.