සිංහල මෙහෙයුම් පද්ධතියක් ඇති පළමු Android ස්මාර්ට් ජංගම දුරකතනය මෙන්න!

    August, 6, 2015

    E-tel විසින් සිංහල මෙහෙයුම් පද්ධතියක් තිබෙන පළමු Android ස්මාර්ට් ජංගම දුරකතනය දේශීය වෙළඳ පොළට හඳුන්වා දී තිබේ.

    E-tel‘Curiosity N2’ නමින් නම්කර තිබෙන මෙම ස්මාර්ට් ජංගම දුරකතනය මගින් ඩිස්ප්ලේ අයිකන, පද්ධති සංඥා සහ පණිවුඩ Android 4.4 “කිට් කැට්“ මෙහෙයුම් පද්ධතිය තුළින් සිංහල භාෂාවෙන් ලබාගත හැකි බව මෙම ස්මාර්ට් ජංගම දුරකතනය ආනයනය කරන බ්‍රෑන්ටෙල් සමාගම සඳහන් කරයි.

    මෙම ස්මාර්ට් ජංගම දුරකතනය 1.2 GHz ක Quad Core ප්‍රොසෙසරයකින් සවිබල ගැන්වෙන අතර 4GB මතකය (memory) සඳහා 32GB දක්වා බාහිර මතකය (external memory) සහ ස්ථාවර කාර්ය සාධනයක් ලබාදෙන 512MBRAM මගින් සවිබලයක් ලැබේ.

    සිම්පත් දෙකක් භාවිතා කළ හැකි මෙම දුරකතනයට අඟල් 4.5 ක තිරයක්, ෆ්ලෑෂරයක් සහිත 2MP පිටුපස කැමරාවක්, වීඩියෝ ඇමතුම් සහ සෙල්ෆි සේයාරූ සඳහා උචිත VGA ඉදිරිපස කැමරාවක් ඇතුළත් වේ.

    සිංහල මෙහෙයුම් පද්ධතිය සහිත E-tel Curiosity N2 ස්මාර්ට් ජංගම දුරකතනයේ මිල රුපියල් 9,990 කි.