සිකුරාදා (20) වරුවක් බැංකු නිවාඩුයි

    January, 16, 2017

    2017 ජනවාරි 20 වැනි සිකුරාදා විශේෂ දින භාගයක බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

    තයිපොංගල් දින නිවාඩුව සෙනසුරාදා (14) දිනයක යෙදී තිබුණු බැවින් මෙම විශේෂ දින භාගයක බැංකු නිවාඩුව ප්‍රකාශයට පත් කර තිබේ.

    මේ අතර 20 වන සිකුරාදා දින කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ද මධ්‍යහ්න 12 දක්වා පමණක් ක්‍රියාත්මක වනු ඇත.