සිගරට් මිල වැඩිවෙන්නේ දිග අනුවයි

    August, 1, 2018

    සිගරට් සඳහා අයකරනු ලබන බද්ද ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමනු ලබන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය අද දිනයේ දී නිවේදනය කර සිටියේය.

    අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ සිගරැට්ටුවේ දිග අනුව අදාළ බදු අය කිරීම සිදුවන බවයි.

    මේ අනුව දිගින් මි.මී. 72 ට වැඩි එහෙත් මි.මී. 84 ට අඩු සිගරැට්ටුවක් සඳහා අයකරනු ලබන නිෂ්පාදන බද්ද අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි රු. 3.80 කින් වැඩි වී තිබේ.

    ඒ අනුව මෙම දිග ප්‍රමාණයන්ගෙන් යුතු සිගරැට්ටුවක සිල්ලර මිල රු. 5.00 කින් අද සිට ඉහළ යනු ඇත.

    එසේම මෙහිදී ෆිල්ටරය රහිත සිගරට් මිලෙහි ඉහළ යාමක් සිදුනොවන බව අද දෙරණ Biz කළ විමසීමක දී ලංකා දුම්කොළ සමාගමේ ප්‍රකාශකයෙකු කියා සිටියේය.