සිගරැට් දවටනවල 50%-60% අතර රූපමය අවවාද පළකිරීමට අවසර

    May, 12, 2014

    ලංකා දුම්කොළ සමාගම විසින් අලෙවිකරන සිගරැට් බහාලන දවටනවල සියයට 50 ත් 60 ත් අතර ප්‍රමාණයක් වැසී යන ලෙස රූපමය අවවාද ප්‍රචාරය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයට අභියාචනාධිකරණය විසින් අවසර ලබාදෙයි.

    මෙයට අදාළ නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණය මෙම අවසරය ලබාදුන්නේය.

    මීට පෙර සෞඛ්‍ය අමාත්‍යංශය ලංකා දුම්කොළ සමාගමෙන් ඉල්ලා තිබුණේ සිගරැට් දවටනවල සියයට 80 ක් වැසී යන පරිදි රූපමය අවවාද පළකරන ලෙසයි.

    මෙයට එරෙහිව ලංකා දුම්කොළ සමාගම අධිකරණය හමුවට ගියේය.