April, 5, 2019
ලොව පුරා සිනමා ප්‍රේක්ෂකයින් අතර අතිශය ජනප්‍රියත්වයක් අත්පත් කර ගත් Avengers චිත්‍රපට මාලාවේ මීළඟ දිගහැරුම වන Avengers: Endgame, එළඹෙන අප්‍රේල් 26 දින සිට ලොව පුරා ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතය.
ලොව පුරා ප්‍රදර්ශනයට සමගාමීව ශ්‍රී ලංකාවේ ද මෙදිනම Avengers: Endgame චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කෙරෙන අතර ඒ සඳහා මේ වන විටත් කොළඹ සුපිරි සිනමා ශාලා ඇතුළු සිනමා ශාලා ගණනාවක් සැදී පැහැදී සිටී.
චිත්‍රපටය සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම මේ වන විට ආරම්භ කර තිබෙන අතර චිත්‍රපටයේ පළමු දිනය වන අප්‍රේල් 26, සිනමා ශාලා ගණනාවකම ප්‍රවේශ පත්‍ර මේ වන විට අවසන් වී තිබේ.
මෙහි ඇති විශේෂත්වය නම් පවතින අධික ප්‍රේක්ෂක ඉල්ලුම හේතුවෙන් සිනමා ශාලා කිහිපයක්ම අතිරේක ප්‍රදර්ශන වේලාවන් ආරම්භ කර තිබීමයි.
ඒ අනුව වැල්ලවත්ත සැවෝයි 3D සිනමා ශාලාවේ උදෑසන 7.00ට දර්ශන වාරයක් ආරම්භ කර තිබෙන අතර එම සිනමා හලේ දෛනිකව වාර 6 ක් Avengers: Endgame ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
එසේම Liberty Screen 01 හා Colombo City Center Dolby ATMOS Screen හි රාත්‍රී 11.55 ට දර්ශන වාර පවත්වනු ලැබේ.
කොළඹ නගරයේ සිනමා ශාලා 11 ක Avengers: Endgame තිරගත වීමට නියමිත අතර ජා-ඇල, කුරූණෑගල, රත්නපුර, කෑගල්ල හා අනුරාධපුර පිහිටි සිනමා ශාලා 5 ක ද මෙම චිත්‍රපටය එළඹෙන අප්‍රේල් 26 දින සිට ප්‍රදර්ශනය ආරම්භ කෙරනු ඇත.
කොළඹ නගරයේ සිනමාශලාවල ආරම්භක දින ප්‍රවේශ පත්‍රවලින් 95% කට වැඩි ප්‍රමාණයක් මේ වන විටත් වෙන් කර ගෙන අවසන් බව වාර්තා වේ.
Video Story