සියපත ණයකරවලට ඉහළ ඉල්ලුමක්

    September, 8, 2016

    සියපත ෆිනෑන්ස් පීඑල්සී විසින් අද (08) දිනයේ දී විවෘත කරන ලද ණයකර නිකුතුව සඳහා රුපියල් මිලියන 2,500 කට අධික වටිනාකමකින් යුතු ඉල්ලුම්පත් ප්‍රමාණයක් ලැබී තිබෙන බව මෙම නිකුතුවේ රෙජිස්ට්‍රාර්වරයා විසින් නිවේදනය කර සිටී.

    ශ්‍රේණිගත, අනාරක්ෂිත, ජ්‍යෙෂ්ට, නිදහස් කළ හැකි ණයකර මිලියන 20 ක් රුපියල් 100 බැගින් නිකුත් කිරීමට මෙහිදී මූලික වශයෙන් පියවර ගැණින. මේ සඳහා අධිදායකත්වයක් ලැබුණහොත් තවත් ණයකර මිලියන 5 ක් නිකුත් කිරීමේ විකල්පයක් වශයෙන් සමාගම සූදානමින් සිටියේය.

    මේ අනුව සියපත ෆිනෑන්ස් විසින් නිකුත් කිරීමට සූදානමින් සිටි සම්පූර්ණ ණයකර මිලියන 25 වෙනුවෙන් ආරම්භක දිනයේ දීම අධි ඉල්ලුමක් ලැබී තිබේ.