June, 22, 2020
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (22) දින ගනුදෙනු අතරවාරයේ දී ඒකක 5,000 සීමාව ඉක්මවා යනු ලැබීය. 2020 මාර්තු 13 දින කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,000 සීමාවෙන් මෙපිටට පැමිණි අතර එතැන් සිට මේ දක්වා කාල සීමාව තුළ සියලු කොටස් මිල දර්ශකය එම කඩඉම පසු කළ පළමු අවස්ථාව මෙයයි.
මේ අතර අද පස්වරු 2.00 පමණ වන විට දෛනික පිරිවැටුම රුපියල් බිලියනයේ සීමාව ඉක්මවා ගොස් තිබුණි.
කොවිඩ්-19 වසංගත තත්ත්වය පැමිණීමත් සමඟ කොළඹ කොටස් වෙළෙඳපොළ දැඩි පසුබෑමකට ලක් වූ අතර එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 4,247.95 ක් දක්වා පහත වැටුණි.

Video Story