සියලු කොටස් මිල දර්ශකය ඒකක 100කින් ඉහළට

    May, 13, 2020

    අද (13) දින කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ආරම්භ වී කෙටි කාලයක් තුළ මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යාමක් වාර්ත විය. මෙහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 100 ක් ඉක්මවූ ප්‍රමාණයකින් ඉහළ යාම කැපී පෙනුණි. S&P SL20 දර්ශකය ද 5% ක් ඉක්මවූ ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබිණ.

    දෛනික ගනුදෙනු ආරම්භ වී පළමු මිනිත්තු 9 ක කාලය තුළ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක දැක්වුණු ආකාරය ඡායාරූපයෙන් දැක්වේ. ඒ වන විට දෛනික ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 146 ඉක්මවා තිබුණි.