October, 11, 2022
අද (11) දින කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි දැවැන්ත පහළ යාමක් වාර්තා විය.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 304.91 කින් පහළ ගොස් ඒකක 8,744.61 ක් හා S&P SL20 දර්ශකය ඒකක 118.83 කින් පහළ ගොස් ඒකක 2,652.99 ක් වශයෙන් දිනය අවසානයේ දී සටහන්ව තිබුණි.
මෙය පිළිවෙලින් 3.37% ක හා 4.29% ක පහළ යාමකි.
2022 අගෝස්තු 30 දිනෙන් පසුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,000 සීමාවෙන් මෙපිටට පැමිණි පළමු අවස්ථාව මෙයයි.
Video Story