සියලු බැඳුම්කර ආරක්ෂිතයි – මහ බැංකු අධිපති Video

    February, 28, 2017

    ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද සියලූම සුරැකුම්පත් නිසැක වශයෙන්ම ආරක්ෂිත බවත් ඒ ගැන කිසිවකු හෝ සැකයක් තබා ගත යුතු නැති බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය.

    මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක දී (27) අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ අතර රජය විසින් නිකුත් කරන ලද සියලූම සුරැකුම්පත් වෙනුවෙන් රජය පෙනී සිටින බව මහ බැංකු අධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් රජයේ සුරැකුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ක්‍රියාපටිපාටිය මහ බැංකු අධිපතිවරයා විසින් විස්තර කරනු ලැබූ අතර මෙම සම්පූර්ණ ප්‍රකාශය ඇතුළත් වීඩියෝව පහතින් නැරඹිය හැකිය.

    https://www.youtube.com/watch?v=qVhiSYHoc50&feature=youtu.be