• Ada Derana BIZ Sinhala
  • Ambalantota
  • HNB Finance PLC
  • sri lanaka

සියළුම මූල්‍ය සේවා සමගින් HNB FINANCE PLC අම්බලන්තොටට පිවිසෙයි

July, 12, 2022

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC හි අම්බලන්තොට ශාඛාව පසුගිය ජුනි 30 වන දින, අංක 43, මහ වීදිය, අම්බලන්තොට (බැරගම හන්දිය අසල) දරණ ලිපිනයෙහි අභිනවයෙන් විවෘත කෙරිණ.

අභිනව අම්බලන්තොට ශාඛාවේ සමාරම්භය HNB FINANCE PLC හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - මානව සම්පත්/ ප්‍රධාන මානව සම්පත් නිලධාරී රුවන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සුබ මොහොතින් සිදුවූ අතර මෙම උත්සව අවස්ථාවට HNB FINANCE PLC හි සහකාර සාමාන්‍යාධිකාරීවරුන්, ශාඛා කළමනාකරුවන්, නිළධාරීන් ඇතුළු සම්භාවනීය පිරිසක් එක්වූහ.

අම්බලන්තොට ශාඛාව විවෘත කිරීමට සමගාමීව HNB FINANCE රන් ණය සේවාවද මෙම ශාඛාවෙහි අලුතින් ආරම්භ කිරීමට කටයුතු කරනු ලබයි. දිවයිනේ වැඩිම රන්ණය අත්තිකාරම් මුදලක් අවම පොලියක් යටතේ ලබාදෙන  HNB FINANCE රන් ණය සේවාවෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ  සේවා, ලියකියවිලි හෝ සැගවුණු ගාස්තු වලින් තොරවූ කඩිනම්, විශ්වසනීය සේවාවක් පාරිභෝගිකයා වෙත ලබාදීමයි. රන් ණය සේවාවට අමතරව  කල්බදු සේවා(Leasing), ඉතුරුම් හා ස්ථාවර තැන්පතු, ව්‍යාපාරික ණය, නිවාස ණය ඇතුළු මූල්‍යසේවා රැසක් එකම වහළක් යටින් ලබා ගැනීමට HNB FINANCE අම්බලන්තොට ශාඛාව වෙතින් පහසුකම් සලසා ඇත.

වඩාත් පහසුකම් සහිත නව පරිශ්‍රයට ගෙවදිමින් ඉන් සලසාලීමට අපේක්ෂිත සේවාවන් පිළිබඳව අදහස් දක්වන HNB FINANCE PLC හි කළමනාකාර අධ්‍යක්ෂ /ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත්  මහතා  “ මීට ඉහතදී හම්බන්තොට නගරය කේන්ද්‍ර කරගනිමින් ඇරඹි මෙම ශාඛාව මෙතැන් සිට අම්බලන්තොට නගරයේ, වඩාත් ඉඩකඩ සහිත ජනතාවට ඉතා පහසුවෙන් ළගාවිය හැකි  නව පරිශ්‍රයක සිට අප මෙහෙයුම් කටයුතු සිදුකරනු ඇත. මෙහිදී හම්බන්තොට, අම්බලන්තොට මෙන්ම ඉන් අවට වෙසෙන අප පාරිභෝගික ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා ඉටුකිරීම සඳහා ඔවුන් සිය උපරිම විශ්වසනීය හා  කාර්යක්ෂම සේවාව ලබාදෙනු ඇතිය යන්න මගේ විශ්වාසයයි. යනුවෙන් පැවසීය.