සියැට් කැලණි සමාගමේ ට‍්‍රක්, බස් රේඩියල් ටයර් වෙළඳපොළට හඳුන්වා දෙයි

    June, 27, 2019

    ආනයන ආදේශනය සවිමත් කරමින් ජාත්‍යන්තර නිෂ්පාදන සමග කරට කර සිටින සියැට් Winmile AW කැලණිය නිෂ්පාදනාගාරයෙන්

     

     

    ශ‍්‍රී ලංකාවේ ටයර් අවශ්‍යතාවයෙන් අඩකට ආසන්න ප‍්‍රමාණයක් නිපදවන සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම විසින් ශ‍්‍රී ලංකාවේ මාර්ග වලට සහ දේශීය තත්ත්වයන්ට ගැලපෙන ලෙස නිපදවා ඇති ට‍්‍රක්රථ, බස්රථ සහ ප‍්‍රයිම් මූවර් සඳහා ශක්තිමත් සහ කාර්ය සාධනයෙන් ඉහළ රේඩියල් ටයර් වෙළඳපොළට හඳුන්වා දී ඇත.

     

    2018 ජනවාරි මාසයේදී සමාගම විසින් නිවේදනය කළ රුපියල් බිලියන 03 ක ආයෝජනයෙන් කොටසක් මෙම නිෂ්පාදන පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ආයෝජනය කර ඇත. කැළණියේ පිහිටි සියැට් කැළණි නිෂ්පාදන සංකීර්ණය තුළ අති නවීන ඉතාලි යන්ත‍්‍රානුසාරයෙන් නිමැවු මෙරට පළමු ට‍්‍රක් බස් රේඩියල් (ඔඊඍ* ටයර් පෙළ වෙළඳපොළට හඳුන්වාදීමට පෙර ශ‍්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ මාර්ග වලදී මාස ගණනක් පුරා භාවිතයෙන් පරීක්ෂා කර ඇති බව සමාගම පවසයි.

     

    යුරෝපයෙන් ගෙන්වූ අධි තාක්ෂණික යන්ත‍්‍ර භාවිතා කරමින් අවසන් නිමාව සිදුකර තිබෙන මෙම ටයරල ඊස්ි-චකහ ටයර් වෙනුවට රේඩියල් ටයර් භාවිතා කිරීම තුළින් ධාවන සහ පිරිවැය වාසි ලබාගැනීමට බලාපොරොත්තු වන ට‍්‍රක් හා බස් රථ අංශයේ රේඩියල්කරණයට දායක වනු ඇත. ශ‍්‍රී ලංකාවේ ට‍්‍රක්රථ සහ බස්රථ ටයර් වෙළඳපොළින් 65% ක කොටසක් සියැට් සමාගමට අයත් වන අතර මෙම වෙළඳපොළින් 55% ක් තවමත් භාවිතා කරන්නේ ඊස්ි-චකහ ටයර් වේ.

     

    නව ට‍්‍රක් සහ බස් රථ රේඩියල් ටයර වෙළඳපොළට හªන්වාදීම නිමිත්තෙන් පැවති උත්සවය අමතමින් සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගමේ සභාපති චානක ද සිල්වා මහතා මෙසේ පැවසීයග  ර්‍ණකැළණියේ අපගේ නිෂ්පාදනාගාර අත්කර තිබෙන ඵලදායිතාව තුලින් සියැට් කැළණි සමාගම ශී‍්‍ර ලංකාවේ අති සාර්ථක හවුල් ව්‍යාපාරයකට අනගි උදාහරණයක් බව කිව හැකියිග එදා පැවති සාම්ප‍්‍රදායික නයිලෝන් ටයර් නිෂ්පාදනයෙන් ඔබ්බට ගොස් අද ඔබ දකින ටයර් වර්ග අප සමාගම නිපදනවාග ටයර් තාක්‍ෂණයෙහි මුදුන්පෙත්ත නියෝජනය කරන ට‍්‍රක් සහ බස් රථ රේඩියල් ටයර් නිෂ්පාදනය තුලින් ද අපගේ නවතම රේඩියල් ටයර් පෙළ තුලින් ද පිළිඹිඹු වන්නේ ජාත්‍යන්තර තලයේ සුප‍්‍රසිද්ධ ටයර් නිෂ්පාදනවලට තත්වයෙන් සමාන ටයර අප සමාගම දැන් නිපදවන බවයිග”

     

    “ට‍්‍රක් සහ බස්රථ රේඩියල් ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් සඳහා අප විසින් සිදුකළ ආයෝජනය සමාගමට මෙන්ම වෙළඳපොළටත් ඉතා ඉහළ සංධිස්ථානයක්. එයට හේතුව වන්නේ ඉන්දියාව තුළ නිෂ්පාදනය කරන ආකාරයේම ඉතා උසස් ගුණාත්මක තත්ත්වයකින් යුතු ට‍්‍රක් බස් රේඩියල් ටයර් මේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන නිසයි. මේ නිසා, ඉන්දියාවෙන් සහ චීනයෙන් ආනයනය කරන ට‍්‍රක් සහ බස්රථ රේඩියල් ටයර් සඳහා මෙය කැපී පෙනෙන ආනයන ආදේශන කර්මාන්තයක් බවට පත්වෙනවාල” යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සියැට් කැළණී හෝල්ඩින්ග්ස් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ, රවී ඩඞ්ලානි මහතා පැවසීය.  “ණමෙම ටයර් දේශීය තත්ත්වයන්ට ගැලපෙන ලෙස දේශීයව නිෂ්පාදනය කිරීම වැදගත් වාසියක් ලෙස සඳහන් කළ හැකියි. මෙහිදී, අප විසින් ජාත්‍යන්තර ප‍්‍රමිතීන් සහ ආරක්ෂණ තත්ත්වයන් අනුගමනය කර තිබෙනවා.”

     

    සියැට් කැළණි සමාගම විසින් මෙරට වෙළඳපොළට හඳුන්වා දී තිබෙන පළමු වරට දේශීයව නිම කරන ලද ක්‍ෑ්ඔ උසබපසකැ ්උ ට‍්‍රක් සහ බස් රේඩියල් ටයර් 10ග00 ඍ 20 ප‍්‍රමාණයෙන්් හඳුන්වා දී තිබෙන අතර ට‍්‍රක්රථ, ප‍්‍රයිම් මූවර්ස් සහ බස්රථ සඳහා නිෂ්පාදනය කර තිබේ. වැඩි බරක් යොදා වැඩි කිලෝ මීටර් ප‍්‍රමාණයක් ධාවනය කළ හැකි පරිදි මෙම ටයර් සැලසුම් කර තිබෙන නිසා තරඟකාරී ටයර් සමග සැසඳීමේදී මෙම ටයර් භාවිතා කිරීමෙන් කිලෝ මීටරයක් ධාවනය කිරීම සඳහා වැයවන පිරිවැය සාපේක්ෂ වශයෙන් අඩු මට්ටමක පවතින බව සමාගම සඳහන් කරයි.

     

    ක්‍ෑ්ඔ උසබපසකැ ්උ ටයරය නිෂ්පාදනය කර තිබෙන්නේ බර සහ වේග දර්ශකය 146රැු143ණ වන ලෙසයි. මෙම ටයර් සඳහා ඉතාමත් ශක්තිමත් රබර් සහ යකඩ යොදා තිබෙන නිසා මේවායේ ඔරොත්තුදීමේ සහ කල්පැවැත්මේ හැකියාව ඉතාමත් ඉහළ මට්ටමක පවතී. මීට අමතරව, මෙම ටයර් ඉතාමත් ශක්තිමත් කට්ට රටාවන්ගෙන් යුක්තව නිර්මාණය කර තිබෙන නිසා මෙරට මාර්ග වලට ඔරොත්තු දෙමින් වැඩි දුරක් ධාවනය කිරීමට හැකියාව තිබේ.

     

    මෙම රේඩියල් ටයර් නිෂ්පාදනයේදී ඉතාමත් සංකීර්ණ පොලිමර්ස් භාවිතා කරන නිසා ඊස්ි-චකහ ටයර් මගින් රැුගෙන යන බරට වඩා වැඩි බරක් රැුගෙන යා හැකි අතර හොඳ මාර්ගයන්හිදී වැඩි වේගයකින් ධාවනය කිරීමේ හැකියාවද මෙමගින් ලබාදී තිබේ. එසේ වේගයෙන් ධාවනය කිරීමට හැකියාව ලැබී තිබෙන්නේ රේඩියල් තාක්ෂණය මගින් මෙම ටයර් වලට හොඳ ඝර්ෂණ සහ හසුරුවාලීමේ හැකියාවක් ලබාදී තිබෙන නිසයි.

     

    සියැට් කැළණි සමාගම ට‍්‍රක් සහ බස්රථ රේඩියල් ටයර් නිෂ්පාදනය කිරීම ආරම්භ කිරීම නිසා මෙරට රබර් කර්මාන්තයට ප‍්‍රතිලාභ හිමිවන අතර මෙරට නිපදවන ස්වභාවික රබර් සඳහා ඉල්ලූම ඉහළ යාමට මෙය හේතුවක් වනු ඇත. සමාගම විසින් නිපදවන ට‍්‍රක් සහ බස්රථ ටයර් ප‍්‍රමාණය වැඩි කිරීමට සමාගම ඉදිරියේදී කටයුතු කරන බවත් ඊස්ි-චකහ ටයර් සඳහා තිබෙන ඉල්ලූම සපුරාලීම සඳහා එම ටයර් දිගටම නිෂ්පාදනය කරන බවත් සමාගම පවසයි.

     

    මෙරට නිෂ්පාදන කර්මාන්ත අංශයේ වඩාත් සාර්ථක වූ ඉන්දීය ශ‍්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපාරයක් වන සියැට්-කැළණි සමාගම විසින් රේඩියල්් ටයර් (මෝටර් රථ, වෑන් රථ, ීඹඪ වාහන* වාණිජ (ඊස්ි-චකහ සහ රේඩියල්*, යතුරුපැදි, ත‍්‍රිරෝද රථ සහ කෘෂි කාර්මික යන්ත‍්‍ර සූත‍්‍ර යන කාණ්ඩයන්ගේ ටයර් නිෂ්පාදනය කරයි. සමාගම මේ වනවිටත් මෙරට රේඩියල් ටයර් වෙළඳ පොළින් 33% ක කොටසක්ද, ට‍්‍රක් රථ ටයර් වෙළෙඳ පොළින් 65% ක කොටසක්ද, සැහැල්ලූ ට‍්‍රක් රථ වෙළඳපොලින් 80% ක කොටසක්ද, ති‍්‍රි රෝද රථ ටයර් වෙළෙඳ පොළින් 50% ක කොටසක්ද, යතුරු පැදි ටයර් වෙළෙඳ පොළින් 31% ක කොටසක්ද, කෘෂි කාර්මික ටයර් වෙළෙඳ පොළින් 72% ක කොටසක්ද අත්පත් කර ගැනීමට සමත්ව ඇත. සියැට් විසින් නිපදවන ටයර් වලින් තුනෙන් එකක කොටසක් මේ වනවිට දකුණු ආසියාව, මැදපෙරදිග, අප‍්‍රිකාව සහ ඈත පෙරදිග රටවල් 16 ක් වෙත අපනයනය කරයි.

     

    සේයාරු සටහන -

    සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගමේ සභාපති චානක ද සිල්වා මහතා (මැද), විධායක අධ්‍යක්‍ෂ රොහාන් ප‍්‍රනාන්දු මහතා (වමේ) සහ කළමනාකරණ අධ්‍යක්ෂ රවී ඩඞ්ලානි මහතා සමඟ ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථමවරට නිෂ්පාදිත ට‍්‍රක් සහ බස් රථ රේඩියල් ටයර වෙළඳපොළට හඳුන්වාදීම නිමිත්තෙන් පැවති උත්සවයේදී