සියැට් කැලණි සමාගමේ නව කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස රවී ඩඩ්ලානි පත් වෙයි

    March, 7, 2018

    2018 මාර්තු 01 වනදා සිට සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගමේ නව කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස රවී ඩඩ්ලානි මහතා පත්කර ඇතැයි සමාගම නිවේදනය කර ඇත.

     

    ඩඩ්ලානි මහතා මේ වනවිට සමාගමේ උප සභාපති - විකුණුම්, අලෙවිකරණ සහ අපනයන ලෙස කටයුතු කරන අතර සියැට් කැළණි සමාගමට හෙතෙම වසර 11 ක් සේවය කර තිබේ. මීට පෙර, කළමනාකාර අධ්‍යක්ෂ ධූරය දැරූ විජේ ගාම්භීරේ මහතා තමන්ගේ සේවා කාලය අවසන් කර සියැට් ලිමිටඞ් ඉන්ඩියා සමාගමට නැවතත් යෑමෙන් ඇතිවන පුරප්පාඩුව සඳහා රවී ඩඞ්ලානි මහතා පත්කර ඇත.

     

    සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගමේ පළමු ශ‍්‍රී ලාංකේය කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස රවී ඩඞ්ලානි මහතාගේ පත්කිරීම සිදුවන්නේ ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව ඒකාබද්ධව සිදුකරන මෙම ටයර් නිෂ්පාදන ව්‍යාපාරය සිය නිෂ්පාදන කළඹ සහ ධාරිතාවය වඩාත් පුළුල් කරන සමයකදී වීම කැපී පෙනේ. මේ වසරේ ජනවාරි මාසයේදී සියැට් කැලණි සමාගම විසින් ශ‍්‍රී ලංකාවේ සිය නිෂ්පාදන කටයුතු පුළුල් කිරීම සඳහා රුපියල් බිලියන 03 ක නව ආයෝජනයක් සිදු කරන බව නිවේදනය කළේය.

     

    ‘රවී ඩඩ්ලානි මහතා පසුගිය වසර 25 තුළ විවිධ අංශවල සේවය කරමින් අතිවිශාල පළපුරුද්දක් ලබා තිබෙනවා. ඔහු ගෙවුණු අවුරුදු දහය තුළ ටයර් නිෂ්පාදනය පිළිබඳව හසල දැනුමක් ලබාගත්තා.’ යනුවෙන් මෙම පත්කිරීම පිළිබඳව අදහස් දක්වමින් සියැට් කැලණි හොල්ඩින්ග්ස් සමාගමේ සභාපති, චානක ද සිල්වා මහතා පැවසීය. ‘සමාගම විසින් නව නිෂ්පාදන අංශ සහ නව අපනයන වෙළඳපොළවල් වලට යොමුවෙමින් තිබෙන මේ අවස්ථාවේ ඇති ප‍්‍රගතිය ඉදිරියට රැගෙන යාම සඳහා සුදුසුම පුද්ගලයා වන්නේ ඔහුයි.’

     

    වෘත්තියෙන් අලෙවිකරුවෙකු වන ඩඩ්ලානි මහතා 2007 වසරේදී සාමාන්‍යාධිකාරී - අලෙවිකරණ සහ විකුණුම් ලෙස සියැට් කැලණි සමාගමට එක්වූ අතර පසුව උප සභාපති - විකුණුම්, අලෙවිකරණ සහ අපනයන දක්වා හෙතෙම උසස්වීම් ලබාගන්නා ලදී. මෙහිදී, ඔහු දේශීය නිෂ්පාදන කර්මාන්ත ආරක්ෂා කරගැනීම සහ සවිබලගැන්වීම සඳහා මෙරට ඉහළ පෙළේ ප‍්‍රතිපත්ති සම්පාදකයින් සමග සමීපව කටයුතු කළේය.

     

    මීට අමතරව, ශ‍්‍රී ලංකාවේ රබර් කර්මාන්තයේ ප‍්‍රධානතම ආයතනය වන ශී‍්‍ර ලංකා රබර් නිෂ්පාදන නිෂ්පාදකයින්ගේ සහ අපනයන කරුවන්ගේ සංගමයේ (SLAMERP) උප සභාපතිවරයා ලෙසින් ඩඞ්ලානි මහතා මෙරට රබර් කර්මාන්තය සංවර්ධනය කිරීමට සහ එහි තිරසාරභාවය ආරක්ෂා කරගැනීමට වැඩකටයුතු කරයි.

     

    රවී ඩඩ්ලානි මහතා සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම තුළ සුවිශේෂී කාර්ය භාරයක් සිදුකරයි. උපාය මාර්ගික සැලසුම්කරණය සහ දේශීය ටයර් කර්මාන්තය තුළ නව්‍ය වූ වැඩසටහන් සිදුකරන අතරම මේ වනවිට සියැට් කැළණි සමාගම නිපදවන ටයර් වලින් තුනෙන් එකක් අපනයනය කරන දකුණු ආසියාවේ, මැදපෙරදිග, අපි‍්‍රකාවේ සහ ඈත පෙරදිග රටවල් 15 ක ජාත්‍යන්තර වෙළඳපොළවල් සංවර්ධනය කිරීමටද හෙතෙම සුවිශාල දායකත්වයක් දක්වා තිබේ.

     

    කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකු වන රවී ඩඞ්ලානි මහතා මූලික අලෙවිකරණ අධ්‍යාපන කටයුතු 1989 වසරේදී එංගලන්තයේ වරළත් අලෙවිකරණ ආයතනයෙන් සම්පූර්ණ කර තිබේ. ඉන්පසුව, සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලය, ඉන්දියානු කළමනාකරණ ආයතනය, ඉන්දියානු ව්‍යාපාරික පාසැල සහ ජපානයේ විද්‍යාඥයින්ගේ සහ ඉංජිනේරුවන්ගේ සංගමය යන ආයතන වලින් කළමනාකරණ සහ නායකත්ව පාඨමාලා රැුසක් හදාරා තිබේ. ඔහු සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම සමග එක්වීමට පෙර එස්-ලොන්, අයි.සී.එල්. මාර්කටිං සහ පෙප්සි-කෝලා ශ‍්‍රී ලංකා යන සමාගම්වල අධ්‍යක්ෂ ධූර දරා ඇත.

     

    සියැට්-කැළණි සමාගම විසින් රේඩියල්්, වාණිජ, යතුරුපැදි, ත‍්‍රිරෝද රථ සහ කෘෂි කාර්මික යන්ත‍්‍ර සූත‍්‍ර යන කාණ්ඩයන් සඳහා ටයර් නිෂ්පාදනය කරයි. සමාගම මේ වනවිටත් මෙරට රේඩියල් ටයර් වෙළඳ පොළින් 32% ක කොටසක්ද, ට‍්‍රක් රථ/සැහැල්ලූ ට‍්‍රක් රථ ටයර් වෙළෙඳ පොළින් 51% ක කොටසක්ද, ති‍්‍රි රෝද රථ ටයර් වෙළෙඳ පොළින් 54% ක කොටසක්ද, යතුරු පැදි ටයර් වෙළෙඳ පොළින් 23% ක කොටසක්ද, කෘෂි කාර්මික ටයර් වෙළෙඳ පොළින් 72% ක කොටසක්ද අත්පත් කර ගැනීමට සමත්ව ඇත.

     

    රුපියල් බිලියන 03 කට වැඩි නව ආයෝජනයක් සමාගම විසින් ඉදිරි අවුරුදු දෙක වෙනුවෙන් සිදුකරමින් ට‍්‍රක් බස් රේඩියල්ස් (TBRs) ටයර් නිෂ්පාදනය කිරීම සඳහා කැළණියේ අති නවීන කර්මාන්ත ශාලාවක් ශ‍්‍රී ලංකාවේ පළමු වරට ආරම්භ කිරීමට කටයුතු කර තිබේ. මීට අමතරව, මෙම අරමුදල් යොදා ගනිමින් රේඩියල් ටයර් නිපදවීමට මේ වනවිට එම ස්ථානයේම පිහිටි කර්මාන්ත ශාලාව පුළුල් කිරීමටද සමාගම කටයුතු කරන අතර මෝටර් රථ සහ යතුරු පැදි ටයර් නිෂ්පාදනය දෙගුණ කිරීමට ඉලක්ක කර තිබේ.