සියැට් ශී‍්‍ර ලංකා පිල 2020 ICF කි‍්‍රකට් ශූරතාවය දිනාගනී

    February, 19, 2020

    ඉන්දීය ප‍්‍රධාන විධායක නිලධාරීන්ගේ සම්මේලනය විසින් සංවිධානය කරන ලද 2020 අන්තර්-කාර්යාලීය කි‍්‍රකට් තරඟාවලියෙන් කණ්ඩායම් 24ක් අභිබවා සියැට් ශී‍්‍ර ලංකා කණ්ඩායම ශූරතාව දිනාගන්නා ලදී. නිෂ්පාදන, අලෙවි සහ කාර්යාලීය කාර්ය මණ්ඩලයෙන් සැදුම්ලත් සියැට් ශී‍්‍ර ලංකා පිල අවසන් මහා තරඟයේදී ෆෙයා ෆස්ට් රක්‍ෂණ සමාගම් පිල පරාජය කරමින් ශූරතාවය දිනාගන්නා ලදී. සියැට් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ අලෙවි විධායක වරයෙකු වශයෙන් සේවය කරනු ලබන ලක්මාල් මධුසංක මහතා තරඟාවලියේ හොඳම පිතිකරුවා සහ හොඳම තුන් ඉරියව් කී‍්‍රඩකයා ලෙස සම්මානයට පාත‍්‍ර විය.

    සේයාරූවෙන් දැක්වෙන්නේ ජයග‍්‍රාහී සියැට් ශී‍්‍ර ලංකා පිල සමාගමේ ප‍්‍රධාන මූල්‍ය නිලධාරී අරින්දාම් චක‍්‍රබාති මහතා (වමේ සිට හතරවැන්නා) ඡායාරූපයකට පෙනීසිටි ආකාරයයි.