සිව්වන කාර්තුවේ ඩයලොග් ලාභ දෙගුණ වෙයි

    February, 14, 2017

    මෙරට ප්‍රමුඛ පෙළේ දුරකතන සේවා සැපයුම් සමාගමක් වන ඩයලොග් ආසියාටා පීඑල්සී හි 2016 දෙසැම්බර් 31 න් අවසන් සිව්වන කාර්තුව සඳහා වන ශුද්ධ ලාභය රුපියල් බිලියන 1.25 ක් දක්වා වර්ධනය වී තිබේ. මෙය පූර්ව වර්ෂයේ අදාළ කාර්තුව හා සැසඳීමේ දී සියයට 102 ක වර්ධනයකි.

    මේ අතර ඩයලොග් සමූහයේ වාර්ෂික ලාභය 2016 දෙසැම්බර් 31 දින වන විට රුපියල් බිලියන 5.19 සිට රුපියල් බිලියන 9.03 ක් දක්වා සියයට 74 කින් වර්ධනය වී තිබේ.