සීනි නිෂ්පාදනය ඉහළ නංවන්න සීනි කර්මාන්ත සංවර්ධන කමිටුව පිහිටුවයි

    February, 28, 2019

    දේශීය සීනි අවශ්‍යතාවයෙන් 9%ක පමණ ප්‍රමාණයක් දේශීයව නිපදවන අතර ඉතිරි 91%ක අවශ්‍යතාවය ආනයන මඟින් සපුරාගනු ලබයි. එබැවින් සීනි හා උක් කර්මාන්ත සංවර්ධනය කිරීම මඟින් අති විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට හැකිවනු ඇත.

    මෙම කරුණු සැලකිල්ලට ගෙන උක් වගා කළ හැකි නව ඉඩම් සොයා උක් වගාව ව්‍යාප්ත කර ලංකාවේ සීනි නිෂ්පාදනය ඉහළ නැංවීමට අවධානය යොමු වී ඇත.

    ඒ සඳහා උක් කර්මාන්තයේ නියැලී සිටින වැවිලිකරුවන්ට හා කර්මාන්තකරුවන්ට ඉහළ ආදායමක් ලබාගැනීමට හැකිවන පරිදි උක් හා සීනි කර්මාන්ත සංවර්ධනය සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා සීනි කර්මාන්ත සංවර්ධන කමිටුව පිහිටුවීමට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.