August, 16, 2019
දැනට වෙළෙඳපොළේ තිබෙන සීලිං ෆෑන් සම්බන්ධයෙන් පවතින නීතිය බලාත්මක කරනු ලබන බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්, ආචාර්ය අසංක රොද්‍රිගෝ මහතා පවසයි. මේ සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා කැඳවන ලද මාධ්‍ය හමුවක දී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ, දැනට වෙළෙඳපොළේ තිබෙන සීලිං ෆෑන්වල බලශක්ති කාර්යක්ෂමතාවය දැක්වෙන ස්ටාර් ලේබලය අනිවාර්යයෙන් තිබිය යුතු බවත්, එසේ ස්ටාර් ලේබල් නොමැති සීලිං ෆෑන් වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට කටයුතු කරනු ලබන බවත්ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්, ආචාර්ය අසංක රොද්‍රිගෝ මහතා මෙසේ කියා සිටියේය.
“ලංකාවේ සීලිං ෆෑන්වලට නියාමනයක් සහ ප්‍රමිතියක් 2013 සිට හඳුන්වා දී තිබෙනවා. නමුත් මේ සඳහා අවශ්‍ය පරීක්ෂා කිරීමේ පහසුකම් ලංකාවේ නොතිබුණු නිසා ප්‍රමිතිය අපි දැනට බලපැවැත්වුවේ නැහැ. නමුත් ජනවාරි 01 සිට ප්‍රමිති ආයතනයේ මෙම පරීක්ෂා කිරීමේ පහසුකම් ස්ථාපිත කරලා තිබෙනවා. එම නිසා මෙම සීලිං ෆෑන්, විශේෂයෙන්ම මිලිමීටර 1,400 බ්ලේඩ් එක තිබෙන සීලිං ෆෑන්වලට මේ නියාමනය බලපවත්වනවා. ඒ අනුව වෙළෙඳපොළේ තිබෙන සෑම සීලිං ෆෑන් එකක්ම ස්ටාර් ලේබලයකින් යුක්ත වෙන්න ඕනේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් පරීක්ෂා කරලා ඒවායේ තිබෙන බලශක්ති කාර්යක්ෂමතාවය කොපමණද කියන එක ගැන මේ ස්ටාර් ලේබලයේ සඳහන් වෙනවා.“
“ඒ අනුව මෙම ෆෑන් එකක බලශක්ති කාර්යාක්ෂමතාවය ස්ටාර් මට්ටම් එකක්වත් තිබෙන්න ඕනේ. වැඩිම ස්ටාර් මට්ටම තිබෙන්නේ 5. ස්ටාර් මට්ටම වැඩිවෙන තරමට එහි බලශක්ති කාර්යක්ෂමතාවය ඉහළයි. අඩුම තරමින් වෙළෙඳපොළේ තිබෙන සීලිං ෆෑන් එකකට තරු එකක්වත් තියෙන්නේ ඕනේ. තරු නැති, ස්ටාර් ලේබල් එක නැති සීලිං ෆෑන් වෙළෙඳපොළේ තිබෙනවා නම්, එම සීලිං ෆෑන් පරීක්ෂා කරන ලද සහ බලශක්ති කාර්යක්ෂමතාවයෙන් යුතු ඒවා නොවෙයි. සුනිත්‍ය බලශක්ති අධිකාරියේ තියෙන බලය අනුව අපිට පුළුවන් ඒ ෆෑන් වෙළෙඳපොළෙන් ඉවත් කරන්න. අද සිට මෙම වරඩසටහන ශ්‍රී ලංකාවේ සෑම ප්‍ර දේශයකම ක්‍රියාත්මක වෙනවා.“
“ඒ අනුව ලංකාවට ගෙන්වන මිලිමීටර 1,400 බ්ලේට් එක තිබෙන සීලිං ෆෑන් එකකම මෙම ස්ටාර් ලේබලය තිබීම අනිවාර්ය වෙනවා.“
Video Story