සුඛෝපභෝගී දුම්රිය මගී මැදිරි ක්‍රියාත්මක කිරීමට ලංසු කැඳවයි

    October, 30, 2019

    සංචාරක කටයුතු සඳහා බදු පදනම මත දුම්රිය සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා කොන්ත්‍රාත්තු පිරිනැමීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී ඇත.

    ඒ අනුව, මහනුවර මාර්ගයේ සුඛෝපභෝගී මගී මැදිරි සේවාව දැනට ක්‍රියාත්මක වන නමුදු, බදුල්ල, උතුරු, නැඟෙනහිර සහ දකුණ යන මාර්ගවල දැනට එම සේවාව ක්‍රියාත්මක නොවේ.

    එබැවින්, මගී අවශ්‍යතා සහ වත්මන් ඉල්ලුම සැලකිල්ලට ගෙන, දැනට සුඛෝපභෝගී සේවාවන් ක්‍රියාත්මක නොවන මෙම මාර්ගවල වසර 05ක කාලයක් තුළ සුඛෝපභෝගී මගී මැදිරි ක්‍රියාත්මක කිරීමට තරඟකාරි පදනම මත කොන්ත්‍රාත්කරුවන් තෝරාගැනීම සඳහා ලංසු කැඳවීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.