March, 3, 2020
සුඛෝපභෝගී මගී නෞකාවලින් පැමිණෙන මගීන් හට මෙරටට ඇතුල්වීම අද (03) සිට නවතා දැමූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. අද පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.
“නිරෝධායන හා රෝග වැළැක්වීමේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට පනතින් ලැබී තිබෙන බලතල අනුව අද (03) සිට මගී නෞකාවලින් මගීන් ගොඩබිමට බැස්සවීම නවත්වනු ලැබුවා. එම නිවේදනය වරාය සභාපති හා ආගමන විගමන පාලකවරයාට ඊයේ දිනයේ දී දැනුම් දුන්නා. ඒ අනුව අද පැමිණීමට නියමිතව තිබූ නෞකාව ඕමාන් වෙත යන බවට අපට ආරංචි වෙලා තිබෙනවා. “
“නෞකාවලට එන්න එපා කියලා අපි කියන්නේ නැහැ. නෞකා පැමිණ සේවා කටයුතු, ඉන්ධන ලබා ගැනීම වැනි දේ කරන්න පුළුවන්, මගීන් ගොඩබිමට ඒම වළක්වා තිබෙනවා. ලොව පුරා ස්ඛෝපභෝගී මගී නෞකාවල වැඩිපුර සිටින්නේ වැඩිහිටි අය. සාමාන්‍යයෙන් වයස 50 න් වැඩි අය. මේ අය වඩා මේ රෝගයන්ට ගොදුරු වීමේ අවස්ථාව වැඩියි. ඒ වගේම මේ නෞකාවල විශාල රටවල් ප්‍රමාණයක අය ඉන්න පුළුවන්. එබැවින් එහි අවදානමක් තිබෙන නිසා මෙය දැනට නවත්වා තිබෙනවා.“
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛනවලට අනුව පසුගිය 2020 ජනවාරි මාසයේ දී පමණක් 10,237 ක විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් සුඛෝපභෝගී මගී නෞකාවලින් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
Costa Fortuna, Marella Discovery, Sapphire Princess සහ Mein Schiff 6 යනු පසුගිය 2019 වසරේ අගභාගයේ දී මෙරටට පැමිණි එවැනි සුඛෝපභෝගී මගී නෞකා කිහිපයකි.
Video Story