සුඛෝපභෝගී මහල් නිවසක් නිවැරදිව තෝරාගන්නේ කෙසේද ?

    October, 22, 2019

    අද වන විට ශ‍්‍රී ලංකාව පුරා සුඛෝපභෝගී මහල් නිවාස රාශියක් නිර්මාණය වී ඇති අතර තවත් රාශියක් ඉදිවෙමින් පවතී. නගරබද සහ නගරාසන්නව ඉදිවන්නා වූ මෙම නිවාස ඒකක විවිධ වූ හැඩයන් මෙන්ම විවිධ වූ පහසුකම් වලින් යුක්ත වෙයි. මෙවැනි විවිධ වූ නිර්මාණයන් නිසා පාරිභෝගිකයෝ තමන් මිලදී ගත යුත්තේ කුමක්ද එය තමගේ අවශ්‍යතාවයන්ට කොතෙක් දුරට ගැලපෙන්නේද යන්න පිලිබඳ ගැටලූවලට නිරන්තරයෙන් මුහුණ පාති.

    තෝරාගැනීමට විකල්ප රාශියක් තිබේනම් නිවැරදි දේ තෝරාගන්නේ කෙසේද ? මේ පිලිබඳ අදහස් දක්වමින් ප‍්‍රයිම් රෙසිඩෙන්සීස් හි ෂමින්ද හේවාපතිරණ පවසනුයේ, එහිදී සැලකිය යුතු පළමු දෙය නම් අදාළ නිවාස ව්‍යාපෘතියේ සංවර්ධකයා එසේත් නැතිනම් නිවාස ව්‍යාපෘතිය හිමි ආයතනය පිළිගත් එකක්ද යන්න සහ ඔවුන් පොරොන්දු වන දෑ එයාකාරයෙන්ම ලබා දෙන්නේද යන වග සොයා බැලීම බවයි.

    ‘‘අප දන්නවා අද වන විට බොහෝ නිවාස ඉදිකිරීමේ ආයතන තිබෙනවා. නමුත් එම ආයතනයන්ගෙන් සමහරක් තමන් පොරොන්දු වන දේ එයාකාරයෙන්ම ලබා දෙන්නේ නැහැ. ඒවගේම සමහර ආයතන එම පොරොන්දු එයාකාරයෙන්ම ඉටුකරනු ලබනවා, එමෙන්ම සමහර ආයතන පුදුමයකට මෙන් කිසිවක්ම ලබා දෙන්නේ නැහැ. නමුත් ප‍්‍රයිම් රෙසිඩෙන්සීස් හි අප වසර 25 ක් පුරා අඛණ්ඩව අපගේ කීර්ති නාමය රඳවාගැනීමට සමත් වී තිබෙනවා. මන්ද අප අපගේ පාරිභෝගිකයින් වෙහෙස මහන්සියෙන් උපයන්නා වූ මුදල් සුරක්ෂිත කිරීමට බැඳී සිටිනවා. නිවාස ඒකක 1800 ක් සමග නිවාස ව්‍යාපෘති 32 ක් වසර 05 ක් වැනි කෙටි කාලයක් තුළ නිම කිරීමට අප සමත් වී තිබෙන අතර දහස් සංඛ්‍යාත වූ අපගේ ගනුදෙනුකරුවන් අප පිලිබඳ විශ්වාසය තබා තිබෙනවා. ඇත්තටම ඔවුන් අප පිළබඳ තැබූ විශ්වාසයට අපගේ ප‍්‍රණාමය ඔවුන්ට හිමි විය යුතුයි.”හේවාපතිරණ මහතා වැඩිදුරටත් පවසයි.

    ‘‘වගකිව යුතු ආයතනයක් ලෙස අප නිතරම අවධානය යොමු කරන්නේ අප පොරොන්දු වූ දෙය එයාකාරයෙන්ම ලබා දීමටයි. නමුත් එසේ පොරොන්දු ඉටු නොකරන ඉදිකිරීම්කරුවන් රාශියක් රට තුළ සිටිනවා. කෙසේ වුවත් විශිෂ්ට නිර්මාණයක් ලබා දීමට නම් අදාළ ක්ෂේත‍්‍රයේ නිපුණත්වයෙන් යුතු පිරිසක්, හොඳ මූල්‍ය ශක්තියක් සේම මනා පළපුරුද්දක් අවශ්‍ය වනවා.

    ව්‍යාපෘති ගණනාවක් නිම කිරීමෙන් ලත් පළපුරුද්ද සහ අත්දැකීම් ශ‍්‍රී ලංකාවේ සුඛෝපභෝගී මහල් නිවාස ඉදිකිරීමේදී පැනනගින ගැටලූ පිලිබඳ අවබෝධය සහ අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා ගැනීමට උපකාරී වන බව හේවාපතිරණ මහතා පවසයි. එසේම යම් යම් කාරණා සම්බන්ධයෙන් අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමේදී ඇතිවන ප‍්‍රමාදයන් ද මීට ඇතුලත් බව ඔහු පවසයි. සුඛෝපභෝගී මහල් නිවසක් ගොඩනැංවීම අලෙවි කිරීම මෙන්ම විශේෂයෙන් අලෙවියෙන් පසු ලබා දෙන්නා වූ සේවය සම්බන්ධයෙන් වූ විශ්වාසය ඉතාමත් වැදගත් බව පළපුරුදු දේපළ සංවර්ධන ආයතන අවබෝධ කරගැනීම වැදගත් වෙයි.

    සුදුසු දේපල සංවර්ධකයකු තෝරාගැනීමෙන් පසු ගැනුම්කරුවකු අවධානය යොමු කල යුතු දෙවන කරුණ වන්නේ සුදුසු ස්ථානයක් තෝරාගැනීමයි. ගමන් පහසුව, ආරක්ෂාව, සුඛෝපභෝගී බව වැනි කාරණා මෙහිදී අවධානයට යොමු කල යුතු වෙයි. විශේෂයෙන් ප‍්‍රයිම් නිවාස සැළකීමේදී එම ව්‍යාපෘති නිම කිරීමටත් පෙර අලෙවි වනුයේ එම ව්‍යාපෘති සඳහා තෝරාගෙන ඇති ස්ථානයන් හි ඇති සුව පහසුවත් ගමන් පහසුව නිසා බවත් ෂමින්ද්‍ර හේවාපතිරණ පවසයි.

    සුඛෝපභෝගී මහල් නිවාසයක් මිළදී ගැනීමේදී අවධානය යොමු කළ යුතු තෙවන වැදගත්ම කරුණ වනුයේ අය වැයයි . මෙහිදී මෙය තෙවන කාරණය ලෙස සැළකුවත් සෙසු කාරණා සමග සම්බන්ධව පළමුව මනසට නැගෙන ප‍්‍රධානතම කාරණය ලෙස සැලකිය හැක. කෙසේවෙතත් සුඛෝපභෝගී මහල් නිවසක් මිළදී ගැනීමට පෙර ඒ පිළිබඳ සැලසුමක් සකසා ගැනීම වැදගත් වන අතර එසේ නොවුනහොත් ඉක්මන් තීරණ ගෙන තම මුදල් නිකරුනේ නාස්ති වීමට ඇති ඉඩකඩ බොහෝ වැඩි වේ.

    මෙම සියලූ කරුණු අවසන් වූ පසු ඔබ මිළදී ගැනීමට නියමිත නිවසේ වාස්තු සැලැස්ම පිලිබඳ අධ්‍යයනයක් ඔබ විසින් කළ යුතු බව හේවාපතිරණ මහතා පවසයි. උදහරණයක් ලෙස ඔබගේ පවුලේ දරුවන් තිදෙනකු සිටීනම් ඔබට කාමර තුනක නිවසක් අවශ්‍ය විය හැක. එසේත් නොමැතිව ඔබට අවශ්‍ය වන්නේ විවේකය ගත කිරීමට සුදුසු නිවසක් නම් ඔබට එක කාමරයක් දෙකක් පමණක් ඇති නිවසක් ප‍්‍රමාණවත් වෙයි. කෙසේවෙතත් ඔබගේ මුළු පවුලම සමගින් ජීවත් වීමට අවශ්‍ය නම් ඔබට තරමක් විශාල සුඛෝපභෝගී මහල් නිවසක් වෙත යා යුතු බව ඔහු නැවතත් අවධාරණය කරයි.

    අංගසම්පූර්ණ දේපලක් මිළදී ගැනීමේදී ඔබ විසින් ගෙවන මුදලට ලැබෙන්නා වූ වෙනත් අතිරේකව පහසුකම් පිළිබඳව ද ඔබ විසින් අවධානය යොමු කළ යුතු වෙයි. විශේෂයෙන්, පිහිනුම් තටාක, කායවර්ධන මධ්‍යස්ථාන, වාහන නැවතීමේ ඉඩ පහසුව, ආරක්ෂාව, බලශක්ති සැපයුම, අධිවේගී අන්තර්ජාල පහසුකම්, මෙන්ම කුණු කසළ බැහැර කිරීම සඳහා නිසි ක‍්‍රම වේදයක් ක‍්‍රියාත්මක ද යන්න පිලිබඳ විශේෂයෙන් අවධානය යොමු කල යුතු වෙයි.

    ප‍්‍රයිම් සමුහයේ අපි මේ සියල්ල නොඅඩුව ඔබට ලබා දෙන්නෙමු. මිහිකතෙන් හොඳම ස්ථානයක්, හොඳම අමුද්‍රව්‍ය, විශේඥ ඉංජිනේරු දැනුම, තත්ත්ව සහතික කණ්ඩායම්, දැනුමැති බාහිර උපදේශකයින් සහ අලෙවියෙන් පසු විශ්වසනීය සේවාවක් ප‍්‍රයිම් සමුහය විසින් ලබා දෙන අතර අපගේ  පොරොන්දු  සියල්ල ඒ අයුරින්ම ඉටුකිරීම හේතුවෙන් ගෞවරවනීය දේපල සංවර්ධකයකු ලෙස කීර්තිමත් නාමයක් ගොඩ නංවා ගැනීමට අප සමත් වී තිබෙන බව කිව යුතුයි.

    ප‍්‍රයිම් රෙසිඩන්සීස් හි මව් සමාගම වන ප‍්‍රයිම් ලෑන්ඞ්ස් පුද්ගලික සමාගම මීට වසර 25 කට පෙර ආරම්භ කරන ලද අතර ”මිහිකතෙන් හොඳම තැනක්” යන තේමා පාඨය අනුව ක‍්‍රියාත්මක වෙමින් අද වන විට දේපල සංවර්ධන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ ස්ථානයක් ලබා ගැනීමට සමත්ව තිබේ,ශ‍්‍රී ලංකාවේ සම්මානනීය සමාගමක් වන ප‍්‍රයිම් ලෑන්ඞ්ස් පසුගිය වසරේ ”ප්‍රොපර්ටි ගුරු” ආසියානු දේපල ව්‍යාපාර සම්මාන උළෙලේදී ‘Best Developer’ යන සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය.එසේම ශ‍්‍රී ලංකාවේ සේවය කළ හැකි හොඳම සමාගම් 25 අතරට අඛණ්ඩව 5 වතාවක් තේරී පත්වීමට ප‍්‍රයිම් ලෑන්ඞ්ස්  සමත් වූ අතර  LMD ව්‍යාපාරික සඟරාව මගින් වඩාත් ගෞවරවනීය සමාගම් ලැයිස්තුවට 2016 වසරේ සිට මේ දක්වා අඛණ්ඩව තෙවතාවක් ඇතුලත් කර ඇත.

    ඡායාරූපය:  ෂමින්ද හේවපතිරණ, සාමාන්‍යාධිකාරී - ඉංජිනේරු, ප‍්‍රයිම් ලෑන්ඞ්ස් රෙසිඩන්සීස් පුද්ගලික සමාගම.