සුපිරි වෙළෙඳසැල්, සුඛෝපභෝගී සාප්පු, මහල් නිවාස – රිචඩ් පීරිස්ගෙන් කොට්ටාවට දැවැන්ත ව්‍යාපෘතියක්

    October, 11, 2019

    කොට්ටාව හයිලෙවල් පාරට මායිම්ව පිහිටි අක්කර 1 රූඩ් 1 පර්චස් 19.40ක ඉඩම් කොටසක් සුපිරි වෙළෙඳ මධ්‍යස්ථානයක්, සුඛෝපභෝගී සාප්පු, විනෝදාස්වාද කටයුතු හා මහල් නිවාස 80ක නේවාසික සංරචකයකින් සමන්විත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා රිචඩ් පීරිස් ඩිස්ට්‍රිබියුටර්ස් ලිමිටඩ් වෙත අවුරුදු 99ක බදු පදනම මත පැවරීම පිණිස, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.