සුමල්ගෙන් තවත් පිම්මක් – Access Motors සමඟින් ජගුවර් ලෑන්ඩ් රෝවර් ශ‍්‍රී ලංකාවේ ප්‍රවේගකාරී ගමනකට මුලපුරයි

    October, 4, 2019

    සිය මව් ආයතනය වන Access සමූහයේ සමගාමී ආයතනයක් ලෙස ඒකාත්මිකවීම උදෙසා SML Frontier Automotive ලෙස පෙර පැවති නාමය සංශෝධනය කර ඔවුන් Access Motors ලෙස නාම ගැන්වෙයි. මෙම නාමය ප්‍රසිද්ධියට පත්කිරීමේ සමාරම්භක අවස්ථාවට සමූහයේ සභාපති  සුමල් පෙරේරා, කළමනාකාර අධ්‍යක්ෂ තියෝ ප‍්‍රනාන්දු, අධ්‍යක්ෂ දර්ශන මුණසිංහ, අධ්‍යක්ෂ අයේෂ් ප‍්‍රනාන්දු සහ ප‍්‍රධාන විධායක නිලධාරී රවී පෙරේරා යන මහත්වරුන් සහභාගී විය. ශ‍්‍රී ලංකාවේ ජගුවර් ලෑන්ඞ් රෝවර් අලෙවි කිරීමේ එකම නියෝජිතයා ලෙස Access Motors ක‍්‍රියා කරයි.

     

    Access සමූහයේ තවත් එක් අංශයක් වන Access Motors ආයතනය ශ‍්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ව්‍යාපාරික ආයතනයකි. වසර 16ක් පුරා ශ‍්‍රී ලංකාවේ ලෑන්ඞ් රෝවර් සම්මානය අලෙවි කිරීමේ එකම අලෙවි නියෝජිතයා ලෙස ජනාදරයට පත්වූ Access Motors ආයතනය 2016 වසරේදී ජගුවර් මෝටර් රථ අලෙවි නියෝජිතයා ලෙස ද ක‍්‍රියාත්මක වේ. අති නවීන ප‍්‍රදර්ශනාගාර පහසුකම් වලින් සමන්විතව මල්පාරේ නව ප‍්‍රදර්ශනාගාරය විවෘත කිරීම සහ එහි නව අලෙවි උපායමාර්ගයන් ක‍්‍රියාත්මක වීමත් සමඟ වෙළඳපොළ වර්ධනය අවසාන වෙළඳ වසර තුළ ජගුවර් මෝටර් රථ සඳහා 266%ක වර්ධන ප‍්‍රතිශතයක් ද, ලෑන්ඞ් රෝවර් රථ සඳහා 37%ක වර්ධනයක් වේගයක් ද, පෙන්නුම් කළේය. මෙය අති සුඛෝපභෝගී මෝටර් රථ සන්නාම දෙකක දේශීය ඉල්ලූමේ වර්ධනය දැකගත හැකි අතිශය සුවිශේෂී අවස්ථාවකි.

     

    මෙම අවස්ථාවේදී සිය අදහස් දැක්වූ Access Motors ආයතනයේ සභාපති සුමල් පෙරේරා මහතා, ” ශ‍්‍රී ලංකාව තුළ Access සන්නාමයේ සුවිශේෂී බව ආධාර කොට ගනිමින් නව මුහුණුවරක් සහිතව පෙර පැවති නම Access Motors ලෙස වෙනස් කිරීම පිළිබ`දව අපි ඉතාමත් සතුටු වෙනවා. Access Motors ආයතනය තවත් ඉහළ තැනකට ගෙනයාම වෙනුවෙන් විශේෂ ආයෝජන සැලසුම් රැසක් දැනට ක‍්‍රියාත්මක වන අතර, Access Motors ලෙස අසමසම බි‍්‍රතාන්‍ය මෝටර් රථ සන්නාමයන් වන ජගුවර් සහ ලෑන්ඞ් රෝවර් මොටර් රථ ලංකාවේ අලෙවිය වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා. අති සුඛෝපභෝගී රථවාහන අලෙවි ක්ෂේත‍්‍රයේ පුරෝගාමියා ලෙස දිගටම අපේ ස්ථානය රඳවාගැනීමට අපි හැමදාමත් මහන්සිවෙනවා. Access Motors ආයතනයේ වෙළඳ උපාය මාර්ගය වඩාත් හොඳින් ස්ථාපිතවීම පදනම් කරගෙන සකස් වී තිබෙනවා. එසේම, ශ‍්‍රී ලංකාවට හරිත මෝටර් රථ සංකල්පයන් හඳුන්වාදෙමින් අපේ සුඛෝපභෝගී පාරිභෝගික පදනම වර්ධනය කරගැනීමට අපි වෙහෙසෙනවා. එය 2025 වසරේ දී රාජ්‍ය හිමිකාරීත්වය ඇති වාහන ඉලෙක්ටි‍්‍රක් හෝ හයිබි‍්‍රඞ් ලෙස ප‍්‍රතිස්ථාපනය කිරීම සහ 2040 වසරේ දී සියලූ පෞද්ගලික වාහන පුනර්ජනනීය බලශක්ති භාවිතාවක් ඇති ඒවා බවට පත්කිරීමේ රජයේ ප‍්‍රතිපත්තියට සමගාමීව ක‍්‍රියාත්මක වෙන්නකි”

    Access Motors ආයතනය විසින් ගෝලීය  අනුකූල විකුණුම් මධ්‍යස්ථානයක් සංවර්ධනය කිරීම සඳහා ඇ.ඩො මිලියන 08 ක ආයෝජකයක් සිදුකරනු ලබයි. එම මුදලෙන් ඇ.ඩො මිලියන 03 ක මුදලක් ඉලෙක්ට්‍රොනික වාහනවල ධාරිතාව ගොඩනැන්වීම සඳහා යොමු කරයි. තවද 3s ප‍්‍රමීතින්ට අනුව  මොටර් රථ අලෙවි, සේවා සහ අමතර කොටස් අලෙවිකරණ ආදී පහසුකම් සැලසීම සඳහා ඇ.ඩො මිලියන 05 ක මුදලක් යොදවයි. එම කාර්යන් සඳහා JLR සන්නාමය  වෙනුයෙන් Access Motors ආයතනය විසින් ඒකාබද්ධිත සේවා මධ්‍යස්ථානයක් බොරලැස්ගමුවේ ස්ථාපනය කරයි.

     

    මේ වසර තුළදී JLR සන්නාමය වෙනුවෙන් තවත් සුවිශේෂී ආයෝජනයක් කරමින් ගෝලීය වශයෙන්  ප‍්‍රථම වතාවට Formula E, E-Trophy Series එකට Access සිය අනුගා‍්‍රහක දායකත්වය ලබාදුන්නේය. ප‍්‍රථම වතාවට ජාත්‍යන්තර FIA ව්‍යුහය නියෝජනය කරන්නෙකු ලෙස රේස් කාර් රියදුරු සිමොන් ඉවෙන්ස් සම`ග රටවල් 10ක සහ රේස් 11ක් ශ‍්‍රී ලංකා නාමය රැගෙන යාමට ඔවුන් සමත්විය.

     

    නම වෙනස් කිරීමට අමතරව Access Motors ආයතනය විසින් ‘LIVE FOR COLOMBO’ නමින් රටේ නගරයට අදාළව සිදුකරන ගෝලීය ප‍්‍රචාරණ ව්‍යාපෘතියට සමගාමීව නගරයේ සහ ඉන් එපිට සුපිරි බලයක් ලබාදෙන අතිසුඛෝපභෝගී SUV කාණ්ඩයේ Range Rover Evoque නව මෝටර් රථ පෙළ හඳුන්වාදීමට කටයුතු කළේය. Range Rover Evoque මෝටර් රථය එයටම ආවේණීක හුරුබුහුටි නිමාව සහ එය ලබාගත් අසමසම සාර්ථකත්වය සමඟින් මුළු ලෝකයේම සහ කොළඹ විශාල පිරිසකගේ සිත් දිනාගැනීමට සමත්විය. එයටම ආවේණික අනභිබවනීය නිමාව සමඟ එන සුවිශේෂී අතිසුඛෝපභෝගී අත්දැකීමක් ලබාදීම සඳහාම විශේෂයෙන් නිර්මාණය කළ මෝටර් රථයක් වන මෙය door handles තාක්ෂණයෙන් සමන්විතය. sweeping directorial indicators සහ copper details වලින් එහි පරිපූර්ණ නිමාව ලබාගෙන තිබේ.

    ලෑන්ඞ්රෝවර් වල තවත් ප‍්‍රථම හඳුන්වාදීමක් ලෙස 48-volt mild hybrid electric මෝටර් රථය මඟින් කාර්යක්ෂම විද්‍යුත් බලය, අවම CO2 විමෝචනය ලබාදෙමින් වඩාත් පරිපූර්ණ රිය පැදවීමේ අත්දැකීමක් ලබාදේ. නව රේන්ජ් රෝවර් මෝටර් රථය Smart Settings විශේෂාංගය සහිත ප‍්‍රථම ලෑන්ඞ් රෝවර් මෝටර් රථ මාදිලිය වන අතර, artificial intelligence algorithms භාවිතා කරමින් රියදුරාගේ රිය පදවන ක‍්‍රමවේදය හඳුනාගෙන ඊට අවශ්‍ය සුවපහසුව ස්වයංක‍්‍රීයව ලබාදීම සහ පූර්ණ ගමනාන්තය දක්වාම media settings නිවැරදිව තබාගැනීමට පහසුව සලසයි. මෙම සුවිශේෂී මෝටර් රථය යුරෝපියානු ජීවිත ආරක්ෂණ වර්ගීකරණයේ 5 5 ලබාගැනීමට සමත්වූ අතර, උපරිම ජීවිත ආරක්ෂාවක් සහතික කිරීම වෙනුවෙන් ලෑන්ඞ් රෝවර් ආයතනයටම සුවිශේෂී වූ Premium Transverse Architecture සංකල්පය මත ගොඩනඟා ඇත.