සුමල්ගේ සමාගමට කැබිනට් අනුමැතිය. රුපියල් බිලියන 2.7 ක නිවාස ව්‍යාපෘතියක්

    September, 5, 2018

    බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ සිරිල් සී. පෙරේරා මාවතේ නිවාස ඒකක 450ක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 2,737.35ක මුදලකට සීමාසහිත ඇක්සස් ඉංජිනියරින් පොදු සමාගම වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    සුමල් පෙරේරා මහතා ඇක්සස් ඉංජිනියරින් සමාගමේ සභාපතිවරයා වේ.