අලියාන්ස් ගිවිසුම අවසන්. සුරක්ෂා මාස 03කට රක්ෂණ සංස්ථාවට 

    June, 15, 2020

    සුරක්ෂා සිසු රක්ෂණාවරණය වැඩසටහන යටතේ රක්ෂණාවරණය සපයන ලද අලියාන්ස් ඉන්ෂුවරන්ස් ආයතනය සමඟ පවතින ගිවිසුම 2020 මැයි 31 දිනෙන් අවසන් වී ඇත.

    මෙම රක්ෂණ වැඩසටහන තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නිර්දේශ ලබා ගැනීම පිණිස පත් කරනු ලැබ ඇති කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගෙන, සිසු රක්ෂණාවරණය සඳහා රක්ෂණ සේවා සපයන ආයතනයක් තෝරා ගැනීමේ දී රජයේ රක්ෂණායතනයක් මඟින් අදාළ සේවාවන් සලසා ගැනීමටත්, ඒ අනුව රක්ෂණ ආයතනයක් තෝරාගනු ලබන තෙක් 2020.06.01 දින සිට 2020.09.30 දින දක්වා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙතින් අදාළ රක්ෂණ සේවාවන් ලබාගැනීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.