සුරාබදු සහ මුදල් පනත් කෙටුම්පත් විවාදයට

    March, 8, 2018

    සුරාබදු (සංශෝධන) පනත් කෙටුම්පත, මුදල් පනත යටතේ නියෝගයක් සහ සුරාබදු ආඥා පනත යටතේ නිවේදනයක් අද (8) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසින් පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියවීමේ විවාදය ආරම්භ කළේ ය.

    “මුදල් පනත යටතේ නියෝගය යටතේ රට තුළ ගලා එන විදේශීය ටෙලි නාට්‍ය නිසා දේශීය ටෙලිනාට්‍යවලට සිදුවන බලපැම අවම කරන්න ගැසට් නිවේදනය ඉදිරිපත් කිරීමේ අරමුණයි. සුරාබදු ආඥා පනතේ නියමයන් කීපයක් ඉදිරිපත් කරනවා. රා මැදීමට හා රා බෑමට වලංගු බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන්, නැවත වලංගු බලපත්‍රයක් ලබාගත යුතු බවට සංශෝධනය වෙනවා. නීතිවිරෝධී රා පෙරීම පාලනය කිරීමට මෙයින් ඉඩ ප්‍රස්ථාව ලැබෙනවා“ යැයි විවාදය ආරම්භ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.